1200 x 80 DMirror

නව ආණ්ඩුවේ කොටස්කරුවකු වීමට සූදානම් නැති බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු

භාර නොගන්නා බවත් එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

නමුත් ජනතාවට දැඩිව බලපා ඇති ආහාර මිල, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර, ඖෂධ සම්බන්ධ ගැටලු විසඳීමට අගමැතිවරයා හා ඇමති මණ්ඩලය කටයුතු කරනවා නම් ඊට අදාළව පාර්ලිමේන්තුවට ගෙන යෝජනාවන්ට සහය ලබාදෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙස සිය ස්ථාවරය රට හමුවේ තැබූයේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ , අද පෙරවරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කර පක්ෂය මෙම තීරණයට එළැඹි බවයි.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා නව අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආරාධනා ලැබී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන කීය.

රනිල් වික්‍රමසිංහ පත්කිරීමේ ක්‍රමවේදය සර්වපාක්‍ෂික ආණ්ඩුවක ආකාරයෙන් සිදුව නොමැති නිසා රජයේ කොටස්කරුවන් නොවීමට තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 

රජය සර්ව පාක්‍ෂික ආණ්ඩුවකින් බැහැරව යනවා නම් එයට සහය දිය නොහැකි බව කී සිරිසේන හිටපු ජනාධිපතිවරයා, සැමවිටම ඉන්නේ පොදු ජනතාව සමඟ සිටින බව ද ප්‍රකාශ කළේය.

ඒ අනුව විපක්‍ෂයේ සිට කටයුතු කරන බවත්, විපක්‍ෂ නායකධූරය සම්බන්ධයෙන් ඉදිරි තත්ත්වය අනුව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, පක්‍ෂ මහලේකම්, දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.


Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය