අද දින තීන්දු ලබාදීමට නියමිත නඩු දෙකක් ජුනි මසට කල්ගියේ ය.



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පවරන ලද නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැති ද යන්න තීන්දුව ලබාදීම ජූනි මස 3 වැනිදාට කල් තැබුණි.

නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම සඳහා ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර හමුවේ අද නඩුව කැඳවනු ලැබිණ.

පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණි.

දෙවන විත්තිකාර තිරුකුමාර් නඩේසන් මහාධිකරණයට ඉදිරිපත්වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත්, ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇති මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නඩුවේ තීන්දුව ලබා දීම ජූනි මස තෙවැනි දා දක්වා කල් තබා ඇත.
ඒ අනුව, එදිනට විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥයින් මහාධිකරණය හමුවේ එකඟතාව පළ කර තිබේ.



ශශී වීරවංශගේ නඩු තීන්දුවත් කල්යයි

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම තුන්වන දිනටත් අද (මැයි 13) කල් තැබුණි.

ඒ අනුව නඩුවේ තීන්දුව ලබාදීම ලබන 27 වැනිදා දක්වා කල්දමනු ලැබුණි.

තීන්දුව ලබාදීමට මීට පෙර නියම කර තිබූ දින දෙකේ දීම තීන්දුව ලබාදීම කල්ගියේ ය.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව ආගමන හා විගාමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැ යි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ 2015 ජනවාරි 23 වැනිදා යි.

අද තීන්දුව සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා තීන්දුව ලබාදීම සඳහා වෙනත් දිනකට කල් තබන බව දැනුම් දුන්නා ය.

නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි කැදවා අවසන්වීමෙන් පසුව තීන්දුව සඳහා දින නියමකර තිබිණි.

(BBC සිංහල සේවය)
 

 

 

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්