උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව මේ වන විට ණය වැඩසටහනක් සඳහා IMF සමග සාකච්ඡා කරමින් සිටියි.



දිනෙන් දින ඉහළ යන බඩු මිලගණන් හමුවේ ශ්‍රී ලංකීක ජනතාව සිටින්නේ දැඩි දුෂ්කර කාලසීමාවක් ගත කරමිනි.

මේ අතරතුරේ ලෝක බැංකුව නිවේදනය කළේ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව යි.

නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බවට පළවූ මෑතකාලීන මාධ්‍ය වාර්තා සාවද්‍යයැ යි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශකළේ ය.



තමා ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය ද, පුළුල්ව පදනම් වූ වර්ධනය ද ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීමට IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ලෝක බැංකුව පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ මිළට ගැනීම, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ගෘහ ඒකක සඳහා තාවකාලිකව මුදල් ලබාදීම, අවදානමට ලක්විය හැකි පවුල්වල දරුවන්ට පාසලේ දී ආහාර ලබාදීම සහ ගොවීන් සහ කුඩා ව්‍යාපාර සඳහා ආධාර කිරීමට රජයට උපකාර කිරීම සඳහා පෙර අනුමත කරන ලද ව්‍යාපෘතිවල සම්පත් දැනට නැවත සකස් කරමින් සිටින බව ද ලෝක බැංකුව නිවේදනය කළේ ය.


'ඉදිරි මාස තුනහතරක කාලය අභියෝගාත්මක යි' - මහබැංකු අධිපති


edtetrමහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ



උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ණය වැඩසටහනක් සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කරමින් සිටියි.
එහි පළමු වටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡා මැයි 24 වැනිදා අවසන් විය.

අදාළ සාකච්ඡා සාර්ථකකොට ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ IMF සමග ගිවිසුම්ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4ක කාලය අභියෝගාත්මක බවත්, ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.

මැයි 24 දා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ඔහු මේ බව පැවසීය.

වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙසත්, දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සඳහා පටු දේශපාලන වාසි නොතකා, පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී ඉල්ලීමක් සිදුකළේ ය.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේ දී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ක්‍රියාවේ යෙදවීමට නොහැකිවූ බවත්, අනතුරුව අද වන විට එය හඳුන්වාදීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.

වත්මන් ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ක්‍රමිකව ගොඩනැගීම සදහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහ අදාළ ඉදිරි ගමන් මඟ පිළිබද පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස මුදල් කාරක සභා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා නිර්දේශකර ඇත.

ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඊට අවශ්‍ය සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් මුදල් කාරක සභා සභාපතිවරයා පැවසීය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන්කළ අමෙරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යෙදවීමට එකඟවී ඇති බව යි.


'ඩොලර් මිලදී ගැනීමට රුපියල් නැහැ'

කෙසේ හෝ ඩොලර් සපයා දුන්න ද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීම බලවත් ගැටළුවක් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේ දී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමඟ යාම සිදුවූ බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මේ නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත්, අවසානයේ එම වියදම පියවාගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇතිවීමත්, ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු සඳහන් කළේ ය.


xdftrrරාජ්‍ය සේවයට බඳවාගැනීම් සිදුකිරීම නවතා දමන්නැයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ ද,
මහබැංකුවේ ක්‍රීඩාගාරයට නව ශරීර සුවතා උපදේශකයෙකු පත්කර ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.


මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකරගැනීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේ දී සහ ආනයනයේ දී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇත.

දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීමට වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මුදල් කාරක සභාවේ එකඟත්වය හිමිවිය.

මේ අතර රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශවරයකුගේ සහ නීති උපදේශකවරයකුගේ සහය ලබාගැනීමට කැබිනට් අනුමතිය හිමිව තිබේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයට මූල්‍ය උපදේශන සේවා සඳහා M/s Lazard ආයතනයත්, නීති උපදේශක සේවාව සඳහා M/s Clifford Chance LLP ආයතනයත් තෝරාගෙන ඇත.

(BBC සිංහල සේවය)
 
 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්