The Leader News
BREAKING
Top Ad
පුවත්

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි

T

The Leader Desk

November 14, 2025 • 5:05 PM

 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
  • ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණි.
  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු, ජීජී පොන්නම්බලම්, රාමනාදන් අර්චුනා, රිෂාඩ් බදියුදීන්, සර්ව ජන බලය නායක දිලිත් ජයවීර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
  • මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු, ජීජී පොන්නම්බලම්, රාමනාදන් අර්චුනා, රිෂාඩ් බදියුදීන්, සර්ව ජන බලය නායක දිලිත් ජයවීර  අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.


මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂයකි.


අද (14) උදෑසන 9.30ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණි.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...