21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

පක්ෂ නායකයින් සමඟ දෙවන වරටත් අද (03) සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සියලු පාර්ශව අතර පොදු එකඟතාවකට පැමිණීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගය පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද අවධානයට ගත යුතු බවයි.

{gallery}Party Leaders Meeting{/gallery}

 මේ, සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙසේ පැවසිය. 

 

 
සාකච්ඡාවට එක්වූ පොදුජන පෙරමුණේ කණ්ඩායම කෙටි වේලාවකින් වෙනත් සාකච්ඡාවක් සඳහා පිටව ගිය බව අමාත්‍යවරයා පැවසිය.

 



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේ සඳහන් කළේය.

 

 

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ කියා සිටියේය.

 



සුළු දේශපාලන පක්ෂ නියෝජතයින් අධිකරණ ඇමති හමුවේ

යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබදව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සුළු දේශපාලන පක්ෂ නියෝජතයින් හා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද පෙරවරුවේ (03) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සදහා පවතින බාධාවන් ඉවත් කර ගැනීමට ජනමතය ඉතා වැදගත් වන බැවින් සියලු ජනතාවගේ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය වන බවයි.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී ගෙන ආ යුතු බවත්, එතෙක් රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කරලීම සදහා ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යව ඇති බැවින් 21 වන සංශෝධනය කඩිනමින් සම්මත කර ගත යුතු බව ද, අමාත්‍යවරයා සදහන් කළේය.


20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මැතිවරණ කොමිසම, අල්ලස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම හා පොලිස් කොමිසම් සභාවල ස්වාධිනත්වය අහිමි කළ අතර ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසම අහෝසි කළ බවත්, නැවතත්  එම කොමිෂන් සභා ස්වාධීන කර අහෝසි කළ කොමිසන් සභා ඇති කිරීමටත් ඒ සදහා ව්‍යවස්ථා දායක සභාව පිහිටුවීමටත් යෝජනා කර ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ඵලදායී යෝජනාවක් බවට පත් කරලීම සදහා මුස්ලිම් සිවිල් සමාජය හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නියෝජතයින් ලබා දුන් යෝජනා හා අදහස් අගය කරන බවත්, විශේෂයෙන් එම යෝජනා පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ මෙම පනත් කෙටුම්පත පිළිබදව ගෞරවණිය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කරමින් අදහස් යෝජනා හා උපදෙස් ලබා ගැනීම සිදු කළ බවයි.


මෙහිදී අදහස් පළ කළ මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරික නීතිඥ ජාවිඩ් යූසුප් සඳහන් කළේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා මුස්ලිම් සිවිල් සමාජය විසින් යෝජනා 4 ක් ඉදිරිපත් කළ බවයි.
 
 

1- ආරක්ෂක අමාත්‍ය ධුරය හැර වෙනත් අමාත්‍යාංශ ජනාධිපතිවරයා විසින් නොදැරිය යුතු බව,

2- අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම,

3- අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේදී ජනාධිපතිවරයාට පවතින බලය ඉවත් කර එය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතරයෙන් සිදු කිරීම හා

4- 21 වන ව්‍යවස්ථාවෙන් පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාව නිර්පාක්ෂික විය යුතු අතර ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 5 දෙනෙකු හා සිවිල් සමාජය නියෝජනය කරමින් නියෝජිතයින් 5 දෙනෙකු පත් කිරීම යන යෝජනා හතර මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් විසින් ඉදිරිපත් කළ යෝජනා වෙයි.


නව පනත් කෙටුම්පත පිළිබදව අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වු බව මෙම සාකච්ජාවට එක්ව සිටි නියෝජිතයින් සදහන් කළේය.

rqwrq
 
රට වෙනුවෙන් එකතුවන්න 
 
 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්