අගමැති රනිල් වික්‍රමසිංහ ආධාර ගලා එන බව කී ජපානයෙන් හෝ අමෙරිකාවෙන් රටට තවමත්

කිසිඳු ආධාරයක් ලැබී නැති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ඔහු එබව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසිය.

''ඇත්ත වශයෙන්ම දැං මේ පාර්ලිමේන්තුවට ආවාම අහන්න  ලැබෙන්නේ, නැහැ , බැහැ, අමාරුයි. තව ඉවසන්න වෙයි. තව දරුණු වෙයි . මේක තමයි කියන්නේ. දැන් ජනතාව ගෙදර හිටියත් අමාරු බව දන්නවා එළියට ගියත් අමාරු බව දන්නවා කඩේට ගියත් අමාරු බව දන්නවා. ඒ නිසා විසඳුම් ඉල්ලන්නේ.
අවුරුදු දෙකක් රට කාලා විනාශ කරලා තවදුරටත් අමාරුයි කියලා හරියන්නේ නෑ.



අලුත් අගමැතිතුමා එනකොට බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන තුන හතරක් හම්බ වෙයි කියලා . අද ඇමරිකාවෙන් ඇවිල්ලත් නෑ යුරෝපයෙන් ඇවිල්ලත් නෑ. ජපානයෙන් ඇවිල්ලත් නෑ. කොහෙන්වත් ඇවිල්ලා නෑ..

 


දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජාතිවාදය ගෙනල්ලා තරහ කරගත්තු මැදපෙරදිග රටවල් වලට යන්න. ගිහින් කතා කරන්න, අඩුම ගානේ ඒ රටවල් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් ගන්න පුළුවන් නං credit line එකකට තෙල් ගේන්න  අවුරුද්දකට. මාසිකව ඩොලර් මිලියන 500ක ප්‍රශ්නයක් ඉවර වෙනවා. එහෙම උනහම ඒ මුදල් ටික යොදවන්න පුළුවන් වෙනවා ගෑස් ගන්නයි, ඒ වගේම පොහොර ගේන්නයි.

එතකොට දැන් ඇත්ත වශයෙන්ම කෝප් කමිටුවේදී අපිට හෙළිදරව් වුණා, ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක credit line facility එකක් තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට. අකාර්යක්ෂමතාවය සහ මන්දගාමි ස්වරූපය නිසා ඒ මිලියන දෙසීයෙන් පාවිච්චි කරල තියෙන්නෙ තවම මිලියන එකසිය එකයි.

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන හැත්තෑ නමයක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 63ක් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ ටික පාවිච්චි කරලා බෙහෙත් ටික ඉක්මනට ගෙනාවනම් අවුරුදු එකහමාරකට ඇති.

 එතකොට මැද මැදපෙරදිගින් තෙල් ටික ගන්න පුලුවන්නම්, තෙල් පෝර ගෑස් ඒ වගේම බෙහෙත් ප්‍රශ්න ටික විසඳුනා නං, ජනතාව සන්සුන් වෙනවා. රට සන්සුන් වෙනවා, එහෙම වුනානම් සංචාරකයෝ එයි මේ රටට. මාසික ආදායම ඩොලර් මිලියන 250ක් විතර එනවා. එතකොට රුපියල ස්ථාවර වෙනවා. රුපියල ස්ථාවර උනහම විදේශගත ශ්‍රමිකයින්ගෙන් එන remmitance ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා තව දුරටත් නහයෙන් අඬ අඬා ඉඳලා වැඩක් නෑ. මේක ක්‍රියාත්මක කරන්න.



සමහර අය හිතන් ඉන්නවා ගෝල්ෆේස් එකේ සෙනඟ අඩු උනහම අරගලය ඉවරයි කියලා. මතක තියාගන්න අරගලය හරහා ආපු ජනතා මතවාදය, ජන මනස තුල ඒ ආකාරයෙන්ම සහ ඊටත් වඩා වැඩියෙන් රැව් පිළිරැව් දෙමින් තියෙනවා. මේ යථාර්ථය තේරුම් ගත්තෙ නැත්තං සුනාමි දෙවැනි රැල්ල ආවා වගේ තමයි පක්ෂ විපක්ෂ හැමෝටම මේකට මුහුණදෙන්න සිද්ධ වේවි. ඒ අර්බුදය දරුණු වේවි. මේ යථාර්ථය තේරුම් අරගෙන මේ වැඩ ටික කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.




මේ අරගලයෙන් ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තියෙනවා..


dfwerwer
මේ අරගලයෙන් ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තියෙනවා. දැන් මේක අමතක කරලා තියෙනවා. ඒ තමයි හොරු අල්ලන්න, හොරකම් කරපු ටික ගේන්න කියලා.

අපි කියනවා අගමැතිතුමාට අර අසූචි නැවට ගෙවපු මුදල් අය කරගන්න කටයුතු කරනවා ද? ඒ වගේම නැනෝ යූරියාඩීල් එකෙන් හොරකම් කරපු මුදල් ටික ගන්නවද? express pearl නෞකාවේ වන්දිය ට මොකද උනේ? අර pandora තිරුකුමාර් නඩේශන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒවා අල්ලන්න වැඩකටයුතු කරනවද?


ආර්ථික ඝාතක පී බී ජයසුන්දර සහ කබ්බ්‍රාල් ව හිරේ දානවා ද?

අපි 2019 මහා භාණ්ඩාගාරය භාර දෙන කොට ඩොලර් මිලියන 7500 ක සංචිතයක් බාර දුන්නා. දැන් තත්ත්වයත් එක්ක අපිට පේනවා මාසික අවම වියදම බිලියනයක් කියලා.  ඉතුරු ඒවා හොරකම් කළේ කවුද?

ආර්තික ඝාතක පී බී ජයසුන්දර සහ කබ්බ්‍රාල් ව හිරේ දානවා ද? නඩු දානවද ඒවට? මෙන්න මේවටත් අපිට උත්තර ඕන. අපි විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමාගෙන් මේවට උත්තර ලබාගන්න පුළුවන් වෙයි කියලා.

එහෙම නැතුව තව ණය සීමාව තව ට්‍රිලියනයකින් වැඩි කරන්ඩ ඕන, ඒ කියන්නේ මොකක්ද? තව සල්ලි අච්චු ගහන්න ඕන කියලා. අච්චු ගහලා උද්ධමනය වැඩි වෙලා තමයි කෙල උනේ.  තව කෙලවගන්න බෑ. ඒ නිසා අර යෝජනා ටික ක්‍රියාත්මක කරන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.


තරුණ අයට අවස්ථාව නෑ....

ඒ එක්කම අපි පැහැදිලිව කියන්න ඕන, මේ කෑල්ලට නං මට අපේ පක්ෂය ඇතුලෙනුත් චෝදනා එල්ල වේවි. නමුත් අපි කියන්න ඕන මේ අවුරුදු 70 ක දේශපාලනය තුළ අද අපි මේ බිම දිගේ ඇදගෙන යන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ කාර්යක්ෂම භාවය නිසා. අද පෞද්ගලික අංශය අරන් බලන්න, රාජ්‍ය අංශය වගේ අකාර්යක්ෂම නෑ. මොකද ක්‍රියාශීලී නිර්මාණශීලි දක්ෂ තරුණ අයට අවස්ථාව ලබල දීලා තියෙනවා.

මේ දේශපාලනය තුළ, පක්ෂ තුළ, රාජ්‍ය කලමනාකරණය තුල, තරුණ අයට අවස්ථාව නෑ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රතිසංස්කරණ තුළ ආර්ථිකය දියුණු කරනවා වගේම, හොරු අල්ලනවා වගේම, හොරුන්ගේ මුදල් අය කර ගන්නවා වගේම, මේ නිර්මාණශීලී පරම්පරාවට අවස්ථාව ලබා දීම කළ යුතුයි.



ඒක නොකරනවා නම්, අමතක කරනවා නම්,අරගල එන්නේ මීට වඩා දරුණු විදිහට, මීට වඩා බලගතු විදිහට, මීට වඩා පීඩනයක් එල්ල වෙන විදිහට. මොකද හේතුව අද ජනතාව ඊට වඩා පීඩනයක් විඳිනවා. මේ බව සියලු දෙනාටම තේරුම්ගන්න පුලුවන් වේවා කියලා  මම ප්‍රාර්ථනා කරනවා.''

 

 

රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්