The Leader News
BREAKING
Top Ad
පුවත්

සඳුදා (12) රනිල් සහ සජිත් අතර හමුවක් !

T

The Leader Desk

January 10, 2026 • 4:09 PM

සඳුදා (12) රනිල් සහ සජිත් අතර හමුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ ආගමික වැඩසටහනක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.
  • මෙම තීරණය සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයට දැනුම් දීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පවරා ඇත.
  • සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේදී එකමුතුව කටයුතු කිරීමට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළකට එකඟත්වය පළ කළ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ වෙනුවෙන් ප්‍රධාන යෝජනා 06ක් සම්මත කරගනු ලැබීය.
  • පළමු පියවර වශයෙන් පළාත් පාලන ආයතන වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගේ එකමුතුවක් අවශ්‍ය බවට යෝජනා වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ ආගමික වැඩසටහනක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමේ කාලින අවශ්‍යතාවය සම්බන්ධයෙන් 'සිරිකොත' එජාප මූලස්ථානයේ ඉකුත් බදාදා (ජන. 7) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත විය.

මෙම තීරණය සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයට දැනුම් දීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පවරා ඇත.

සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියේදී එකමුතුව කටයුතු කිරීමට අවශ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළකට එකඟත්වය පළ කළ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ වෙනුවෙන් ප්‍රධාන යෝජනා 06ක් සම්මත කරගනු ලැබීය.

පළමු පියවර වශයෙන් පළාත් පාලන ආයතන වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයේත් සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගේ එකමුතුවක් අවශ්‍ය බවට යෝජනා වී තිබේ.

ඒ වෙනුවෙන් පක්ෂ දෙක නියෝජනය වන පරිදි ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පත්කිරීමට තීරණය වී ඇත.

දෙවන යෝජනාවෙන් කියැවුණේ එජාප සහ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවයි.

ඒ අනුව, පක්ෂ දෙකේ කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකාබද්ධ වැඩසටහන් 03කට එළැඹිය යුතු බවට යෝජනා සම්මත වී තිබේ.

ඊළඟ පියවර ලෙස යෝජනා වූයේ, එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් සිටින අනෙකුත් දේශපාලන පක්ෂවලට  කරුණු පැහැදිලි කිරීමටත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් පක්ෂ දෙකෙහි නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කළයුතු බව ය.

දෙපාර්ශ්වය මෙම වැඩසටහනට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායකයා සහ සමගි ජන බලවේගයේ නායකයා මුණගැසී සාකච්ඡා කළයුතු බවට යෝජනා සම්මත විය.

මෙම අදියර පසු කළ පසුව පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකාබද්ධව මුණගැසී සාකච්ඡා කළයුතු බවට තවත් යෝජනාවක් සම්මත වී ඇත.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු හය වන යෝජනාවෙන් කියවුණේ, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර පවතින ගිවිසුම්, එජාපය සමග සම්බන්ධ වී කටයුතු කරන පක්ෂ, සමගි ජන බලවේගය සමග එකමුතුව ක්‍රියා කරනු ඇති බවට සියලු පාර්ශ්ව දැනුවත් කිරීම අවශ්‍ය බව ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...