The Leader News
BREAKING
Top Ad
පුවත්

12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්

T

The Leader Desk

January 29, 2026 • 3:37 AM

12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.
  • වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.
  • ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.
  • ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවය.

වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.

ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.

ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

| aruna


සබැඳි පුවත්  :

ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා

ප්‍රංශයේ වයස 15ට අඩු සිසුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට අනුමැතිය

එක්සත් රාජධානියේ 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමකට ලෝඩ් සභාවේ සහය

මැලේසියාවත් සමාජ මාධ්‍ය භාවිතයට වයස් සීමා පනවයි

පූර්ව ගැටවර වියේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...