The Leader News
BREAKING
Top Ad
පුවත්

අමරකීර්ති ඝාතන නඩුවේදී බෙදුණු තීන්දුවක් ! : 'අරගලකරුවෝ' 12ක් පෝරකයට

T

The Leader Desk

February 11, 2026 • 8:30 AM

අමරකීර්ති ඝාතන නඩුවේදී බෙදුණු තීන්දුවක් ! : 'අරගලකරුවෝ' 12ක් පෝරකයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
  • තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. ඉතිරි විත්තිකරුවන් සිව්දෙනා මාස හයක සිර සිරදඬුවමක් ඔවුන්ට ලබාදීමට තීරණය කර එය වසර පහකට අත්හිටවනු ලැබිය.
  • මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි.
  • ඒ අනුව රශ්මි සිංගප්පුලි, සහන් මාපා බණ්ඩාර සහ රශාන්ත ගොඩවෙල යන විනිසුරුවරුන් ඉදිරියේ අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. 

 
ඉතිරි විත්තිකරුවන් සිව්දෙනා මාස හයක සිර සිරදඬුවමක් ඔවුන්ට ලබාදීමට තීරණය කර එය වසර පහකට අත්හිටවනු ලැබිය.
 
මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි.

2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දිර්ඝ කාලයක් පුරා විභාගය ගැණුනි.

ඒ අනුව රශ්මි සිංගප්පුලි, සහන් මාපා බණ්ඩාර සහ රශාන්ත ගොඩවෙල යන විනිසුරුවරුන් ඉදිරියේ අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිය.
 
 
මෙම නඩුව සම්බන්ධයෙන් ලැබී ඇත්තේ බෙදුණු තීන්දුවකි. ඒ අනුව සහන් මාපා බණ්ඩාර සභාපති විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දුකර ඇති අතර රශ්මි සිංගප්පුලි සහ රශාන්ත ගොඩවෙල යන විනිසුරන්ගේ තීන්දුව වී ඇත්තේ, මේ විත්තිකරුවන්ගෙන් දොළොස් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමටයි. 
 
 
අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියේය.

එහිදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබීය.

එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබීය.

ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කළේය.

අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.

මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තැබීය.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...