ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා

ඇමරිකාවේ සහාය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පවසා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13)  පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ඇමරිකා ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කර තිබේ.

 ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද අග්‍රාමාත්‍යවරයා එම දුරකථන සංවාදයේ දී පවසා ඇත.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පළ කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ ඇමෙරිකා රාජ්‍ය  ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. 

 

 


 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්