"ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්" අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඊයේ (14 )පැවසීය.


ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවක් ඊයේ (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට  ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව  ලබා දෙන්නට  තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ  හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.



ඉන්ධන නෑ.. බස් ධාවනය 90%කින් නවතයි !


මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැ‌බේ.

ඇතැම් පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

එහෙත් කොයි මොහොතක හෝ ඉන්ධන ලැබේවී යැයි අපේක්ෂාවෙන්, ප්‍රදේශ රැසක ජනතාව රැය පහන් කළේ ඉන්ධන පිරවුම්හල් අසලයි.

ජනතාව පෝලීම්වල රැඳී සිටියත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

අද දිනයේ සිට මෙරට පෞද්ගලික බස් ධාවනය 90% කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ පවතින ඩීසල් හිගය මත මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ඉන්ධන හිගය තවදුරටත් වැඩි වුවහොත් බස් ධාවනය මුළුමනින්ම ඇණහිටිනු ඇතැයි ද හෙතෙම තව දුරටත් පැවසීය.



ගෑස් සිලින්ඩරයක් මිළ රු. 7000 කට ඉහල යන ලකුණු !



මෙරට ගෑස් මිල නැවත වතාවක් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබේ.

මීට හේතු වී ඇත්තේ තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් මිල දී ගැනීම අත්හිටුවා ඊට පෙර සැපයුම්කරු වන ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීමයි.

සියාම් සමාගමට වඩා ඇමරිකානු ඩොලර් 34ක් වැඩියෙන් ඕමාන සමාගමකට ගෑම් මෙට්‍රික් ටොන් එකක් සඳහා ගෙවීමට සිදුව තිබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවී ඇත.

වාර්තා වන ආකාරයට පිරිත් ඕමාන සමාගමෙන් ගෑස් ගැන්වීමෙන් පසු ගෑස් සිලින්ඩරය රුපියල් දහස ඉක්ම වීමේ ඉඩක් තිබේ.

ලිත්‍රො සමාගම සඳහන් කරන්නේ තමන් දැනටමත් සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක අලාභයක් ලබන බවයි.

 
 {gallery}radicalcenter2022531{/gallery}
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්