1200 x 80 DMirror

විවෘත විශ්වවිද්‍යාලයේ පෙනී සිටි පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති විභාගයේ මුල් විෂයයන් දෙකෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විශිෂ්ට සාමාර්ථයන්

දෙකක් සහිතව සමත් වී ඇත.

ඒ අනුව Environmental Policy Planning And Assessment විෂයට A+ සාමාර්ථයක්ද, Environmental Economics And Management විෂයට A- සාමාර්ථයක්ද ප්‍රේමදාස විසින් හිමිකරගෙන තිබේ.

මේ ආකාරයට තනතුරේ සිටියදී පාරිසරික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත් ලංකාවේ පළමු දේශපාලන නායකයා ලෙස සැලකෙන්නේ සජිත් ප්‍රේමදාස බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.

මේ වනවිට සිදුවන පරිසර විනාශයන් හේතුවෙන් ලෝකයේද පරිසර විනාශය සම්බන්ධ ගැටලුව පිළිබදව විශාල අවධානයක් යොමුව තිබේ.

ඒ අනුව ලෝක නායකයන් මේ වනවිට පරිසරය සම්බන්ධ විෂය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වමින් කටයුතු කරන ආකාරයක් දැකගන්නට ඇත.

PHOTO 2022 06 16 12 44 56

''ඔබට බොහොම ස්තුති'' - Mahesh Hapugoda


ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කථිකාචාර්ය මහේෂ් හපුගොඩ, මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''සියලු ඌන සංවර්ධිත තත්වයන් එක්ක උණත් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන තවමත් විශ්වාසය තිබ්බට ඔබට බොහොම ස්තුති. මම තවමත් හිතනවා ලෝකේ ඕනෑම විශ්ව විද්‍යාල අධ්‍යාපන රාමුවක් එක්ක අපිට තරඟ කරන්න කරන්න පුළුවන් කියල. ජය! ''

klaks 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්