theleaderlk 01

ගාලු කොටු පවුර මතට ගමන් කිරීම තහනම් කිරීමට පොලීසිය ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

බැවින් පොලීසියට දැඩි අප්‍රසාදය පළ කරන බව ගාල්ලේ නීතිඥයෝ පවසති.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර කොටු පවුර මත 'GO HOME GOTA-RANIL' යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ පිරිසක් පළවා හැරීමට හමුදාව සහ පොලීසිය ජුනි 30 වැනිදා ක්‍රියා කර තිබුණි.

එම පසුබිම මත නීතිඥයින් අද ගාලු කොටු පවුර මතට ගමන් කිරීමට උත්සහ කළ අතර ජාතික ආරක්ෂාවට අදාළ විමර්ශනයක් සිදු කරන බැවින් ඊට ඉඩ ලබා නොදෙන බව පොලීසිය පවසන ලදී.

තමන් නිරායුදව ගොස් කොටු පවුර මත සිට ක්‍රිකට් තරඟය නැරඹීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි නීතිඥයෝ ප්‍රශ්න කළහ. එහෙත් පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගවල නීතිමය පදනම පැහැදිලි කළේ නැත.

මේ අතර ගාලුකොටුවේ විරෝධතාවයේ නිරත වූ පිරිස් වෙත කඩා වැඳී යුද හමුදා සෙබළුන් පිරිසක් විරෝධතා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (ජූලි 1 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

 

 

ගාලු කොටුවේදී විරෝධතාකරුවන් බලෙන් විසුරුවා හැරියැයි පෙත්සමක්

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව ගාලු කොටුව අබියස දී පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට සන්නද්ධ යුධ හමුදා සෙබළුන් කණ්ඩායමක් පැමිණ, එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරිමෙන් කඩවූ  මූලික අයිතිවාසිකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නීතිඥවරයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනු කළහ .

නීතිඥ අමරදිවාකර ලියනාරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර යන මහත්වරුන් ගොනු කොට ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ගාලුකොටුව ගැමුණු හේවා බලඇණිය භාර අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජයරත්න ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ මංජුල මංජුල බාලසූරිය විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉකුත් 30 වැනිදා ගාල්ල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට පැමිණි සන්නද්ධ යුධ හමුදා සාමාජිකයින් පිරිසක් එම රැළියේ සිටි උද්ඝෝෂණකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැර ඇති බවත් එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ය.

මේ හේතුවෙන් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්