ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා අවුරුදු 5ක් සඳහා වීසා පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.
මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අමාත්‍ය ධම්මික පෙරේරා විසින් එලෙස වීසා පිරිනැමීමට පියවර ගෙන ඇති බව ය.
එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන පියවරක් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ය.