මේවනවිට මුළුමනින්ම අරාජිකත්වයට පත්ව ඇති රට බාරගනිමින්, රට තුළ යළි නිතිය හා සාමය ඇතිකරලීමේ වගකීම බාරගැනීමට තමා සුදානම් බව
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය හිතවතුන්ට පවසා ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.


ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඔහුගේ සමීපතම හිතවතකු පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 දා ඉල්ලා අස්වීමෙන් පසුව මසක් ඇතුලතදී පාර්ලිමේන්තුව තුළ දී පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්වීමට සරත් ෆොන්සේකා බලාපොරොත්තු වන බවයි.

පාර්ලිමේන්තුවෙන් බැහැරව සිටින අරගලකරුවන්ගේ ද සහය තමා වෙත හිමිවනු ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් වරයාගේ අපේක්ෂාව වී ඇත. ඊයේ දිනයේ ඇතැම් දේශපාලනඥයින්ට අරගල භූමියේදී කෙනෙහිලිකම් සිදුවෙද්දී සරත් ෆොන්සේකාට ඉහලම ප්‍රසාදයක් හිමිව තිබිණ.

ජනාධිපතිවරයා සිය මාලිගාවෙන් පලා යද්දී ඉන්දියාවේ සිට වහාම යළි දිවයිනට පැමිණි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ සමීපතම හිතවතා ය.  ඔහු දිවයිනට පැමිණි වහාම ත්‍රීවිධ හමුදාපතිවරුන් සමග එක්ව ජාතිය අමතනු ලැබිය.

ඊයේ දිනයේ සිදුවූ 'අරගලයේ'දී හමුදාව අරගලකරුවන් වෙත සුබවාදී ප්‍රතිචාරයක් දැක්වුයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී අරගලකරුවන්ට සහය දක්වමින් හමුදාවන්ට හා පොලිසියට කළ බලපෑම් නිසා බව ඔහුගේ හිතවතා වැඩිදුරටත් කියා සිටියේය.




සිස්ටම් චේන්ජ් කිරීමට විකල්ප තුනක් !- Priyantha Hewage Maathalan


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එවැනි සුදානමකින් පසුවෙද්දී ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ප්‍රියන්ත හේවාගේ නොහොත් මාතලන් සිට ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සරත් ෆොන්සේකා ගැනද සඳහනක් කර තිබේ. එම සටහන පහත පළවේ.

''මුලින්ම කිව යුතුව ඇත්තේ ඉදිරි පාලනයක් තුල ආගමික නායකයින් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතු බවය.

රටේ ඇතිවන ජනවාර්ගික ගැටුම්, ආගමික ගැටුම් හා ඇති වූ ත්‍රස්තවාදී වාතාවරණයන් හා ආන්ඩු පෙරලීම් පත්කිරීම්වලද නිර්මණකරුවෝ ඔවුන්ය.

එමෙන්ම පෙරටුගාමි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ කඳුළු දහඩිය මතින් ලබාගත් ජයග්‍රහණය ඔවුන්ට මෙන්ම නීතීඥ ප්‍රජාවටද රංගන ශිල්පීන් හෙවත් කලාකරුවන්ටද අත්පත් කරගත දිය යුතු නැත.

ඊයේ අරගලය ජයගත්තේ අන්තරේ උන් හා ඔවුන් හා එක්වූ සාමාන්‍ය ජනතාව මිස ලෝයර්ලා හෝ කලාකාරයෝ හෝ ජූජකයෝ නොවේ.

 

නීතීඥ ප්‍රජාව කොටුව ඉට්ටේසම හරියේදීම ගමන අඩාල කර මාරු වූ අතර, කලාකාරයෝ පැත්ත පලාතේ ආවේ නැතිය. ජෙප්පන්ගෙන් දැක්කේ මහින්ද ජයසිංහ පමණි.

 

උන් කියනා සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් මමද පෙනී සිටිමි. එමෙන්ම දූෂණයේ මුදුන්මල්කඩ වූ අධිකරණය හා නීතියද සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය යන මතයේද මම එදා සිටම පෙනී සිටිමි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම් මේ රටට මේ ඉරණම කිසි දිනෙක අත් නොවනා බව මගේ විශ්වාසයයි.

එමෙන්ම රට ආර්ථික වශයෙන් අගාධයටම ගෙන ගිය මහ බැංකුවේ වගකිව යුතු නිළධාරින් සියල්ලම එලවා දැමිය යුතුය.

සෑම දිනකම අන්ඩ දමමින් ගෙනයබ මේ ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද එකම විකාරයක්ම පමණි.

 

එමනිසා සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ලබාගැනීමට නම් මේ දේශපාලුවන්ගෙන් අති බහුතරයද එලවා දැමිය යුතු අතර සාධාරණ අධිකරණමය ක්‍රියාමාර්ග මගින් ඔවුන් සොරකම් කළ වත්කම් සියල්ල නැවත පවරා ගත යුතුය. මීට රාජ්‍ය නිළධාරීන්ද ඇතුලත් විය යුතුය.

 

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇති බැවින්, දැන් පාලනය බාර ගත යුතු විකල්ප තුනක් මම දකිමි.

 

sf kumar

1. අරගලයේ ජයග්‍රාහකයින් වන කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් සහිත පාලනයක්. මීට චීනයේ සහාය අනිවාර්‍යයෙන් ලැබෙනු ඇත. ඊට ජවිපේ සම්බන්ධ කර ගැන්ම හෝ නොගැන්ම ඔවුන්ගේ කැමැත්තය.

2. සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් හමුදා පාලනයක්. මීට ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇත. 2010 සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ ඉන්දියාවේ පූර්ණ සහායෙනි.

3. මොවුන් දෙදෙනාගේ නායකත්වය තුලින් යුත් කුමන ආකාරයේ හෝ පාලනයක්.


ඊයේ අන්තරේ උන්ගෙන් සරත් ෆොන්සේකාට විශාල පිලිගැනීමක් හිමිවිය.

 

අප පිලිගත යුතු ප්‍රධානම කරුණ නම්, ජනාධිපති ක්‍රමයට වඩා මේ රටට කෙලවූයේ සමානුපාතික චන්ද ක්‍රමය බවයි. මුදල් විසිකල හැකි පාතාලේ වුන් රටේ ව්‍යවස්ථාධායක බලය ගෙන පිස්සු කෙලියේ මේ මජර දූෂිත චන්ද ක්‍රමයෙනි.

 

විධායක ජනාධිපති ධූරයට සමාන ආඥාදායී නායකත්වයක් නොමැතිව මේ රට ගොඩ ගැනීමට නොහැකි බවට මම ඉදිරියටත් විශ්වාසය තබනාතර,

සර්ව පාක්ෂික, නිර්පාක්ෂි හෝ මැතිවරණයක් දක්වා කරගෙන යනවා යැයි කියන කුමානාකාරයේ හෝ කැඳ හැලි පාලන ක්‍රමවලින් මේ රට ඉදිරියටත් කන්නේ 2015 සිට 2019 දක්වා කෑ පරිප්පුවෙනුත් එහා පරිප්පුවක් බව අනිවාර්‍යය.

ඉදිරියටත් මගේ අදහස් මත දිගටම දේශපාලනය පිළිබඳ ලියනාතර, කිසිම හාල්පාරුවකුගේ තර්ජනයන්ටද බිය නොවන බවත් ලියා තබමි, අදහස්කි ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටිමි.


ඒ වගත් මෙසේය.....

©® Priyantha Hewage Maathalan




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්