1200 x 80 DMirror

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.



ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, පහර දීමෙන් ඔහුට හානියක් සිදුවී නොමැති බව ය.

සමරසිංහ මහතා මේ වන විට එම ස්ථානයේ පිටව ගොස් ඇති බව ඔහු පැවසීය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් ගාලු මුදොර අරගල භූමියේ පැවති හමුවක් ආමන්ත්‍රණයක් කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මෙලෙස ඔහුට විරෝධයක් පළ වී ඇති බව ය.



''සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ අවස්ථාවක්'' - අනුර දිසානායක

මේ වනවිට රට ඉතාමත් තීරණාත්මක සංදිස්ථානයකට පැමිණ තිබෙන බවත්, මෙහිදී සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතාමත් බුද්ධිමත්ව හා ප්‍රච්ඥාවන්තව කටයුතු කළ යුතු බවත් එසේ නොවුනහොත් රට තුළ විශාල වියවුලක්, ඛේදවාචකයක් නිර්මාණය වීමේ ඉඩ තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

බැටන් පොල්ල, කඳුළු ගෑස් ජනතාව දෙසට එල්ල නොකරණ ලෙසත් රටේ අනාගතය මේමොහොතේ රැඳී තිබෙන්නේ පොලීසිය සහ හමුදාව අතේ බවත් ඔහු අවධාරණය කළේය.

මේ වනවිට වර්ධනය වී ඇති තත්වයට රටේ පාලකයින්ගේ හැසිරීම බලපා ඇතැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය