ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාගේ සහ නීති අංශවල

විමර්ශනයට ලක් වෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (14) පස්වරුවේ දී කථානායකවරයා වෙත යොමුකර තිබු බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

කෙසේ වෙතත්, ඔහුට එය එවා ඇත්තේ විද්‍යුත් තැපෑලෙන් බැවින් කථානායකවරයාට එම ලිපිය ජනපතිවරයාට කතා කිරීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය නැවත තහවුරුකර ගැනීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට පිළිගත හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබා ගැනීමට තීරණය කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

xfgdrty

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය වුයේ ජනාධිපතිවරයා ඊයේ (14) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට පමණ සිංගප්පුරුව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත විද්‍යුත් තැපෑලෙන් යොමුකර එහි මුල් පිටපත සිංගප්පුරුවේ සිටින ශ්‍රී ලංකා තානාපතිනීය වෙත බාර දී තිබිණ.

එම ඉල්ලා අස්වීමේ ලිපියේ මුල් පිටපත ඊයේ රාත්‍රී සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබු ගුවන් යානයකින් කතානායකවරයා වෙත එවීමට සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටයුතු යොදා තිබිණ.

රටේ ඇතිවූ කලබලකාරි තත්වය හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වී නාවික හමුදාවට අයත් නෞකාවකින් ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරට ගොස් රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ  සිය බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනකු ද සමග ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගිය 12 වෙනිදා මාලදිවයිනට පිටව ගිය අතර මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුවට පැමිණියේ ඊයේ පස්වරුවේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(15) පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අදාල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය තීරණ ගැනීමට නියමිතය.

 

රනිල් වැඩබලන ජනපති ලෙස අද දිවුරුම් දෙයි

මේ අතර රජයේ  ආරංචි  මාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බවයි. 


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇත.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්