1200 x 80 DMirror

රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි වැඩබලන ජනාධිපති

රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රීවිධ හමුදාවන්ට නියෝගකර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසිය.

එසේම, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම පසුගිය දින කිහිපයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොපමාව ම ගන්නයි වැඩබලන ජනාධිපතිවරයා විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් ට ද උපදෙස් දී ඇත.

ඒ අනුව පසුගිය සතියේ සිදුවූ ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකරන ලෙස අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

 

එහිදී අරගලකාර පාර්ශ්ව විසින් ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම පසුගියදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් සිදුකල විරෝධතාවයේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත බාරදී දී ඇති පොලිස්පතිවරයා, වැඩබලන ජනාධිපතිවරයාගේ නිවාස ගිනිතැබීම හා අග්‍රාමාත්‍ය කාර්යාලයට කඩාපැන අලාභහානි සිදුකිරීම සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.


මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (16) පස්වරුවේ පොලිස් රෝහල වෙත ගොස්, පසුගිය දිනවල සිදුවූ කලහාකාරී සිද්ධීන්වලදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරීන්ගේ සුවදුක් විමසා බැලීමට ගොස් තිබිණ.

ඉන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කර ඇති අමාත්‍යවරයා, එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයට දැනුම්දී ඇත.

මේ අවස්ථාව සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන්ද එක්ව සිටියේය.

 

 

මන්දිරවලටවූ විනාශය ගැන විගණනයක්

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ අත්පත්කර ගැනීමෙන් පසුව සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි lankadeepa.lk වාර්තා කරයි.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පෞරාණික දේපළ රැසක් විනාශ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා තහවුරු කළහ.
මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි  රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

එම විනාශයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළේය.

මන්දිරවල තිබී විනාශ වූ දේපළ අතර පෞරාණික වටිනාකම් සහිත ඒවා රැසක් වේ

 


අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගත් හැටි...

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය