පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අට වන විධායක ජනපති ලෙස තේරී පත් වූ

රනිල් වික්‍රමසිංහ අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමට තීරණය කළ බවට පක්ෂ නායකයින් පැවසීය.

"නැවුම් චාරිත්‍රානුකූල ආරම්භයක්" සඳහා පාර්ලිමේන්තුව පැය 24කට කල් තැබීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට දැනුම් දුන්නා," යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

yyyy

අගමැති කර්යාලයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සමඟ පැවසුවේ ජනාධිපතිවරයා එසේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කර පැය විසි හතරකින් නැවත නව සභාවාරය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තුවට නව ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය බැවින් බවයි.

පාර්ලිමේන්තුවේ වාරය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය විසි හතරකට අවසන් කිරීමට බොහෝ විට ඉඩ ඇති බවට ඔහු පැවසීය.

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හා අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේ ය. එමඟින් එම කමිටු අහෝසිවී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයින් පත්කළ යුතු වේ.


වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බවට දේශපාලන විචාරකයෝ මත පළ කළෝ ය.

 

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම:

පාර්ලිමේන්තුව "වාරාවසාන" කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීම යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ.

මෙහිදී වාරාවසාන කිරීම මාස දෙකකට නොවැඩි විය යුතු අතර එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මඟිනි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ දී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතු ය.

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) අනුව; "යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය."

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු ය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාරාවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දීම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාරාවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි. එහිදී ජනතිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ හැක.


වාරඅවසාන කර ඇති විට නැවත කැඳවන්න පුලුවන්ද?

පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුව ද සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුළත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතු ය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවන්හීදී කතානායක වරයාට පාර්ලිමේතුව නැවත කැඳවිය හැකිය.

1958 මැයි 27 දින වාරාවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලහාල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 වන දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.


රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය:

lslfg

නව සැසි වාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ දී එය හැඳින්වුණේ රාජාසන කථාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව රාජාසන කථාව පරාජය විය. 

 
1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කෙරුණේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසිනි.

එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාව සඳහා විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86ක් ද, විරුද්ධව ඡන්ද 61ක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් අටදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් ද, විපක්ෂව 61ක් ද ලැබුණු නමුත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

කෙසේ වුව ද, වර්තමානයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට බඳුන්වීමක් හෝ ඡන්දය විමසීමක් සිදු නොවේ.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු:

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, වාරාවසාන කිරිමත් සමග අක්‍රීය වෙයි.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමඟ උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වෙයි.

# පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

# ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව

# ගෘහ්‍ය කාරක සභාව

# ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව

# ව්‍යවස්ථාදායක කාරක සභාව

# අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව

# රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

# පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

# රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව

# මහජන පෙත්සම් කාරක සභාව

# පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව



පාර්ලිමේතුවේ සෑම නව සැසි වාරයක් ආරම්භයේ දීම හතර දෙනෙකුට නොඅඩු සාමාජික සංඛ්‍යාවකින් සමන්විත තාවකාලික සභාපති කමිටුවක් පත්කෙරේ.


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම:

පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ, 1947 සිට පාර්ලිමේන්තුව පනස් වරක් පමණ වාරාවසාන කර ඇති බව යි.

1978 සිට මේ දක්වා සැසිවාර 30ක් පවත්වනු ලැබ තිබේ. ඒවා නම්,

# පළමුවන පාර්ලිමේන්තුව, 1978/09/07 දින සිට 1988/12/20 දක්වා - සැසිවාර 07 යි

# දෙවන පාර්ලිමේන්තුව, 1989/03/09 සිට 1994/06/24 දක්වා - සැසිවාර 05 යි

# තුන්වන පාර්ලිමේන්තුව, 1994/08/25 සිට 2000/08/18 දක්වා - සැසිවාර 03 යි

# හතරවන පාර්ලිමේන්තුව, 2000/10/18 දින සිට 2001/10/10 දක්වා - සැසිවාර 03 යි

# පස්වන පාර්ලිමේන්තුව, 2001/12/19 සිට 2004/02/09 දක්වා - සැසිවාර 02 යි

# හයවන පාර්ලිමේන්තුව, 2004/04/22 සිට 2010/02/09 දක්වා - සැසිවාර 04 යි

# හත්වන පාර්ලිමේන්තුව, 2010/04/22 සිට 2015/06/26 දක්වා - සැසිවාර 01 යි

# අටවැනි පාර්ලිමේන්තුව, 2015/09/01 සිට 2020 දක්වා - සැසිවාර 03 යි

# නවවැනි පාර්ලිමේන්තුව, පළමු සැසිවාරය 2020 අගෝස්තු සිට දෙසැම්බර් 12 වැනිදා දක්වාත් දෙවන සැසිවාරය 2022 ජනවාරි මස 18 වැනිදා සිට මේ දක්වා.

(BBC සිංහල සේවය)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්