ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් ආරම්භ කර ඇති දේශපාලන මෙහෙයුමට එක්වීමට

හිටපු අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම මෙන්ම අර්ජුන රණතුංග අමාත්‍යවරයා ද එකඟත්වය පලකර ඇති බව ඉතාමත් විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් theleader.lk වෙත වාර්තාවේ.

ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දැනුවත් කර ඇති අතර ඇය දිවයිනට පැමිණි වහාම ඒ සම්බන්ධයෙන් අවසන් එකඟත්වයක් ඇතිකර ගැනීමට නියමිත බවද ඉහත  ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විදේශගතව සිටින චන්ද්‍රිකා පසුගිය සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියද එය දින කිහිපයකින් කල්දමා තිබිණ.

''ගත්ත තීන්දුව වෙනස් කරන්නේ නැහැ' -වෙල්ගම 

මේ අතර ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම පවසන්නේ, තමන් කිසි දිනක පොහොට්ටුව හෝ හංසයා යටතේ දේශපාලනය නොකරණ බවත්, හිටපු ජනාධිපතිනිය සමඟ ශ්‍රීලනිප ය ගොඩගැනීමේ සටන ඉදිරියට ගෙන යන බවත් ය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඔහුට පොහොට්ටුවට එක්වන ලෙස ඉල්ලමින් මතුගම නගරයේ පැවැති උපවාසය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නුවරළියේ පැවැති මේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 

''මගේ ගමේ මගේ පාක්ෂිකයෝ මට බල කරනවා මට පොහොට්ටුවට යන්න කියලා. එත් මම ගත්ත තීන්දුව වෙනස් කරන්න කැමති නැහැ.

ඒ තීන්දුවේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, ඡන්දෙන් පස්සෙත් ඉන්නවා. මහජනතාව හිතයි අර ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්තයා වගේ මමත් පාක්ෂිකයෝ දම්මලා උපවාස කරවනවා මට පොහොට්ටුවට යන්න පාර කපා ගන්න කියලා. මට එහෙම පාර කපා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අය මගේ කැමත්ත ගන්න, මට තියෙන් ආදරයට එහෙම උපවාස කරනවා ඇරෙන්න ඒ සඳහා මගේ බලපෑමක් නැහැ.

''මම හංසයාට යන්නෙත් නැහැ''

මේ යන ක්‍රමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැත්තටම නැති වෙනවා. තවම ශ්‍රී. ල.නි.ප.යට අනාගතයක් තියෙනවා. මේ වනතුරුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හිට ගන්නවානම් මාත් එක්ක කෙලින් මම මේ සටන ඉදිරියට ගෙනියන්න, පක්ෂය නැවත ගොඩගන්න මම ඉදිරිපත් වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ.

මම ආයෙ කවදාවත් පොහොට්ටුවට යන්නේ නැහැ. හැබැයි මම හංසයාට යන්නෙත් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඉතුරු වෙන දාහද, දෙදාහද මම ඒ අයත් එක්ක නැගිටිනවා.

මතුගම නගරයේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා ආරම්භ කළ උපවාසය 18 වැනිදා වන විටත් පැවති අතර එම ස්ථානයට පැමිණි කුමාර වෙල්ගමගේ පුත් පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම උපවාස කරුවන්ට කරුණු පැහැදිලි කළද ඔවුන්ගේ මතයේ වෙනසක් නොවිය.

එහෙත්, කුමාර වෙල්ගම නුවරඑළියේ සිට ලබා දුන් ප්‍රකාශය හමුවේ ඊට ප්‍රතිචාර දක්වමින් උපවාසය අත්හිටුවීමට ඔවුන් කටයුතු කළහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්