පක්ෂයේ සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.



ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබිණ.

එසේ තිබියදී නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර දෙකක් භාරගනු ලැබු අතර මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍ය ධූරයක ඉකුත්දා දිවුරුම් දුන්නේය.

පක්ෂය කලින් ගත් තීන්දුව තවදුරටත් බලාත්මක බවත්, එලෙස අමාත්‍ය ධූර භාරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවති ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේය.

එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ තමන් සමඟ පක්ෂයේ කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ සියලු දෙනාට එකම නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවයි.



කුමන පුද්ගලයෙක් පක්ෂයෙන් ඉවත් වුවද කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබෑමකට ලක්නොවන බව මෙහිදී ප්‍රකාශ කෙරින.




අමාත්‍ය ධුර බාර නොගැනීමට ශ්‍රීලනිපය තීන්දුකර ඇතැයි ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කරන ප්‍රකාශය පිළිබඳව විමසීමේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුයේ, ඒ වැනි තීන්දුව මාධ්‍ය කාරක සභාවෙන් මෙතෙක් ගෙන නොමැති බවයි. ඉදිරියේදී කැබිනට් සංශෝධනයේදී පක්ෂයේ තවත් කිහිප දෙනෙකු මැති ඇමති තනතුරු බාර ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්