මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව

යෑමට නියමිතය.

එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා, අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති ලෙස ඔහුට කොළඹ අවටින් නිවසක් ද පුර්ණ ආරක්ෂාවක් ද කාර්ය මණ්ඩලයක් ද ව්‍යවස්ථානුකුලව හිමිවන අතර ඒ අනුව ඔහු පැමිණිවිට පදිංචිවීම සඳහා මේවනවිටත් කොළඹ අවට රජයේ නිවසක් සොයා බලමින් තිබෙන බවද වාර්තාවේ.

කෙසේවුවද ඔහුගේ හිතවතකු පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණි පසු මිරිහානේ සිය පෞද්ගලික නිවසේ පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්