තවත් සති දෙකකින් පමණ පසු යළි කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි පවසයි.



එම සංශෝධනයේදී සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවත් ඒ අතරට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද වන බවත් 'නෙත් නිවුස්' වාර්තා කරයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එළඹෙන බදාදා දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි. එදිනම ඔහු අමාත්‍ය ධූරයකද දිවුරුම් දීමට නියමිත බවද 'නෙත් නිවුස්' වැඩිදුරටත් වාර්තා කර ඇත.


ඔය කතා බොරු - සජිත්


මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බවයි.

මාධ්‍යවල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බව විපක්ෂ නායකවරයා කියා සිටියි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්