හදිසි නීතිය පරාජය කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේවනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භකර ඇතැයි දේශපාලන ආරචිමර්ග පවසයි.

එම ආරංචිමාර්ග මාර්ග වලට අනුව, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය, ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම, විමල් විරවංශ ප්‍රමුඛ පක්ෂ 10 එකමුතුව, අනුර ප්‍රියදර්ශන යාපාගේ ස්වාධින කණ්ඩායම මෙසේ හදීසි නීතිය පරාජය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නොනිල මට්ටමේ සාකච්ජා ආරම්භකර තිබේ.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙරවරු 10.00 ට රැස්වෙයි. අනතුරුව පෙරවරු 10.00 සිට පස්වරු 4:30 දක්වා හදිසි නීති ප්‍රකාශනය විවාද කිරීමෙන් අනතුරුව පස්වරුවේ දී එය සම්මත කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවේ.

වර්තමාන ජනාධිපතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී මෙම හදිසි අවස්ථා නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහජන ආරක්ෂක පනත යටතේය.


එවකට වැඩබලන ජනාධිපතිවරයා 2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් මෙම හදිසි නීති ප්‍රකාශය කළේය.  නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය දින 14 කදී  පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.


ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජිවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බව එම  ගැසට් පත්‍රයේ සදහන් වේ.


ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරු ගැන අනුරගෙන් හෙළිදරව්වක්



මේ අතර ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක පවසන්නේ, සමගි ජන බලවේගයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු රහසිගතව අණ්ඩුවට සහාය දක්වන බවයි.  

රහස් ඡන්දයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතිව ඡන්දය ප්‍රකාශ කළද අනෙකුත් අවස්ථාවලදී එය එසේ සිදුනොවන බව අනුරකුමාර දිසානායක පවසයි.

"දැන් බලන්නකෝ 134ක් ඡන්දේ දුන්නනේ රනිල් වික්‍රමසිංහට. මම කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැත්තේ ඔය මන්ත්‍රිවරු 134 ක් ඉඳගන්නේ නෑ. ආණ්ඩුවේ ඉඳගන්නේ නෑ ඔය 134. තාමත් ස.ජ.බ. ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවට බනිනවා. හොරෙන් ඡන්දය දෙනවා. දැන් 27වනදා අපි බලමු හදිසි නීතිය ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ, රහස් ඡන්දයක් නොවේ. හදිසි නීතියටත් එය 134 ඉන්න ඕනේ . ඉඳී ද? මම අද කියලා යන්නන් හදිසි නීතියට ඔය 134 නෑ. ඒ පැත්තේ ඉදන් හොරෙන් ඡන්දේ දීපු අය අනිත් පැත්තට අත උත්සනවා. එහෙම සත්තු ...."

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්