හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමකාමී විරෝධතා දැක්වීම සඳහා වෙන්කර

තිබූ ගාළුමුවදොර අසළ භූමිය මින් ඉදිරියට විරෝධතා සඳහා ලබානොදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව අගෝස්තු මාසයේ සිට එම ස්ථානයේ විරෝධතා දැක්වීම හෝ අනවසරයෙන් රැදී සිටීම තහනම් කිරීමට තීන්දු කර ඇතැයි තවදුරටත් පැවසේ.

කෙසේ නමුත් විරෝධතා දැක්වීම හෝ විරෝධතා රැළි සංවිධානය කිරීම සඳහා විහාරමහදේවී එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව සහ හයිඩ් පාර්ක් පිටිය කිසිදු ගාස්තුවකින් තොරව මහ ජනතාව වෙත ලබා දීමට රජය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම විරෝධතා ස්ථානවල අනවසරයෙන් පදිංචි වීමට අවසර ලබා නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ විරෝධතා පැවැත්වීම සඳහා සියළු පාර්ශව සඳහා ඉඩ කඩ ලබා දීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්