ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට

සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඊයේ (31) බාර දී තිබේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පසුගිය ජූලි 22 වන දා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි.  

පරීක්ෂණ කමිටුවේ සභාපතිනී විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම් වෙත භාරදුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.

මේ අතර හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජපන් සමාගමකින් අල්ලසක් ඉල්ලා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.  ඒ, එස් එම් නිශාර් මවුලානා නමැති පුද්ගලයෙක් විසිනි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්