දේශපාලන අර්බුදය හා දිනපතා සිදුවන ගිනිඅවි භීෂණය මැද පොලිසිය අරගලකරුවන් පසුපස

ලුහුබඳිමින් සිටින බවට අරගලයේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
ඔවුහු මේ බව කියා සිටියේ අරගලයේ මුල්පෙළ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කිරීමේ සිද්ධිවලින් අනතුරුව ය.

අරගලයේ ක්‍රියාකාරීව සිටි යූටිබර්කරුවන් දෙදෙනෙකු වූ රතිඳු සේනාරත්න (රැට්ටා) සහ ඩිලාන් සේනානායක අද (අගෝස්තු 01) සවස් කාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේදී ප්‍රකාශයක් ලබාදීමට ගොස් සිටියදී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රතිඳු සේනාරත්න (රැට්ටා) අත්තඩංගුවට ගෙන තිබේ.

001 1001 2

මැයි 21 වනදා පැවති විරෝධතාවකට සහභාගී වී පොදු දේපලට හානි කොට රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා බාධා ඇති කළ බවට වන චෝදනා මත ඔහු අත්තඩංගුවට ගන්නා බවට පොලිසිය පැවසු බව ඩිලාන් සේනානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මීට පෙර එක් අවස්ථාවකද රතිඳු සේනාරත්න පොලිස් අත්තඩංගුවට පත්ව තිබිණි.

මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරගේ නිවසටද අද (අගෝස්තු 1) සවස විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බලහත්කාරයෙන් ඇතුළු බව එම නිවැසියන් පැවසු බව ක්‍රියාකාරීහු චෝදනා කරති.

cfgbf

ප්‍රකාශයක් සටහන් කරගැනීමට බව පවසමින් ඔවුන් එහි පැමිණ ඇති අතර, ඔහු එම අවස්ථාවේ නිවසේ නොසිටි බවට ක්‍රියාකාරීහු පැවසීය.

අද( අගෝස්තු 1) මාධ්‍ය හමුවක් කැඳවමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසා සිටියේ, කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිව්වැනි වසරේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පසුගිය ජුලි 31 වනදා සවස 3ට පමණ සුදු වෑන් රියකින් පැහැරගෙන තර්ජනය කොට බිය ගන්වා ඉන් පැය තුනකට පසු මහමඟ දමා ගොස් ඇති බවයි.

hfgh

පසුගිය ජුලි 30 වනදා රාත්‍රී පොලිස් මෙහෙයුමකින් පසුව රුවන් ප්‍රසංග නමැති අරගලයේ මුල් පෙළේ ක්‍රියාකරුවෙකු සමඟ තවත් තරුණයින් සිව්දෙනෙකු ද නුවරඑළිය කටුකැලේ බොනවිස්ටා ප්‍රදේශයේ නිවසකදී අත්තඩංගුවට ගෙන ඇති බවටද ක්‍රියාකාරීහු චෝදනා කරති.

කෙසේ වෙතත් පසුගිය ජුලි 29 වනදා උදෑසන 7.30ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයට ද පොලිසිය විසින් වරෙන්තුකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සෙවීමට පැමිණි බව පවසමින් එම ස්ථානය පරික්ෂා කොට තිබුණි.

පසුගියදා BBC නිවුස් බීටී වැඩසටහන හා සම්බන්ධ වෙමින් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ අමිල ජීවන්ත පියතුමා සඳහන් කළේ පවතින මර්දනකාරී තත්ත්වය හමුවේ තමන් ඇතුළු බොහෝ දෙනෙකුට ආරක්‍ෂිත ස්ථාන වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.

ඔහු එහිදී කියා සිටියේ "මගේ එකම කනස්සල්ල, මේ අවිහිංසාවාදී විරෝධතා වලට සම්බන්ධ වූ බොහෝ තරුණයින් දැන් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීම. මම ඒ ගැන ඇත්තටම කනස්සල්ලට පත්වෙනවා, අපේ තරුණයින්ගේ සහ අපේ මිනිසුන්ගේ ජීවිත ගැන මම දුක් වෙනවා, ඔවුන් යුක්තිය ඉල්ලා හඬා වැටෙන්නේ ඒ නිසා මට කණගාටුයි" යනුවෙනි.

මෙතෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ධනීෂ් අලී, පැතුම් කර්නර් ඇතුළු ක්‍රියාකාරීහු වෙති.


අමිල ජීවන්ත පියතුමාගේ ප්‍රකාශය


අරගලයේ 21 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධනිෂ් අලි ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 28 දා තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

කොටුව පොලිස් වසම තුළ නීති විරෝධී ජනරාශී ක්‍රියා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ධනිෂ් අලි ඇතුළු පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.

මීට අදාළව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කරනු ලැබුවේය.

මේ අතර, නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ලහිරු වීරසේකර සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබීය.

නීති විරෝධී ජන රාශියකට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ලහිරු වීරසේකර සහ පූජ්‍ය සුගතානන්ද හිමි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණ.


(BBC සිංහල සේවය)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්