අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැරිණි.



කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමටයි.

සැකකරු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබීය.

එම කොට්ඨාශයෙන් කෙරුණු දැනුම්දීමක් අනුව රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඊයේ පස්වරු 3.50ට පමණ පෙනී සිටියේ ය.

 ඒ අනුව එම  අංශයේදී පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිණ.

කොළඹ කොටුව බැංකු මාවත ප්‍රදේශයේ ඉකුත් මැයි මස 21 වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඉදිරිපත් කර තිබිණ.

සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුලු නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය. 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්