තමා විසින් අද (12) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ආර්ථික වැඩපිළිවෙල තමා විසින් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට අනුගමනය කළ

හැකි යයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසිය.

 ඇමතිකමක් ගැනීම සඳහා ආණ්ඩුවට එකතුවීමට තමාට අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.

''මම එහෙම කරන්නෙ නැත්තේ ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි නිසා. මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ආර්ථිකය හදන වැඩපිළිවෙළ අද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන්න.'' ඔහු කියා සිටියේ අද (12) පාර්ලිමේන්තුව අමතමිනි.

රටේ ආර්ථිකය ගොඩනගන දෙස් විදෙස් විශ්වාසය දිනාගත හැකි ආර්ථික වැඩපිළිවෙළක් තමා සකස් කළේ මාස ගණනාවක් පුරා විද්වතුන්, විශේෂඥයින්, වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව පැවසු මන්ත්‍රීවරයා, ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල අනුමැතියත් ලැබී තිබෙන බවත්, මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක් බවත් සඳහන් කළේය.

''ඒ තුළින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන පසුව දේශපාලන පක්ෂ ලෙස අපිට මැතිවරණයකට යා හැකියි. මා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වැඩපිළිවෙළ අනුගමනය කළ හැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ට අවංකව සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි සහයෝගයක් ලබාදෙන්නේ නම් අපිට දෙස් විදෙස් විශ්වාසය දිනාගනිමින් මේ අභියෝග ජයගැනීමට හොඳ පදනමක් හදන්න පුලුවන්. '' යයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්