ගාලුමුවදොර අරගල භුමියේ රැඳී සිටින විරෝධතාකරුවන් 25 ක පමණ පිරිසක් ඉතිරිව ඇති කූඩාරම් ගලවා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටි.



විනාඩි 15ක් ඇතුළත ඔවුන් රැදීසිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විරෝධතාකරුවන් වෙත නීවේදනය කළේය.

මේවනවිට ගාලුමුවදොර ප්‍රදේශයට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා ආරක්ෂාව තරකර ඇත.

PHOTO 2022 08 12 15 22 56PHOTO 2022 08 12 15 22 57PHOTO 2022 08 12 15 22 57 1PHOTO 2022 08 12 15 22 58PHOTO 2022 08 12 15 22 59PHOTO 2022 08 12 15 23 00 1PHOTO 2022 08 12 15 22 59 1PHOTO 2022 08 12 15 22 58 1PHOTO 2022 08 12 15 22 58 2PHOTO 2022 08 12 15 23 00PHOTO 2022 08 12 15 23 01




ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස්!


අද දහවල් 12 ට පමණ නීතිඥයෙක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වුණ ජීවන්ත පිරිස් පියතුමා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින (13)  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජූලි මස 09 වෙනිදා අයුතු ලෙස ඇතුල් වී අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන සම්බන්ධයෙන් ජීවන්ත පීරිස් පියතුමා සැකකරුවකු ලෙස නම්කර ඇතැයි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පියතුමා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

PHOTO 2022 08 12 16 13 43

ධනිෂ් අලි යළි 26 තෙක් රිමාන්ඩ්


ඩුබායි බලා යන ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාරගත කළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ අද (12) නියෝග කළේය.

ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වී විකාශනයට අවහිර කිරීම සහ තර්ජනයක කිරීම සම්බන්ධව කුරුඳුවත්ත පොලිසියේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අද (12) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රක්ෂිත බන්ධනාගාරතව සිටි කාලය තුළ ජංගම දුරකථනයක් පරිහරණය කිරීමේ වරදට ඔහුව දින 14ක සිර දඬුවමකට මේ අතර යටත් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් ධනිෂ් අලි චෝදනා ලද සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙසට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .


PHOTO 2022 08 12 16 13 06 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්