මේ මස 27 වන දායින් අවසන් වන හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් උදා වී තිබේ.



හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ ජූලි 27 වන දා වන අතර අගෝස්තු 29 වන දා දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත.

ඒ අනුව, අගෝස්තු 27 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගතවන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙරය.

එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

එම නිසා මෙම නීතිය අගෝස්තු 27 වන දායින් පසු ඉබේ ම අහෝසි වී යන තත්ත්වයක් උදා වී තිබේ.


ජාත්‍යන්තර සංවිධානවලින් විවේචන !


හදිසි නීතිය ඉවත්කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් රජය වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ.

විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ජීනිවා හි දී හෙළා දුටුවේය.

ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2022 අප්‍රේල් 2දා සිට රට තුල හදිසි නීතිය පුළුල්, දීර්ඝ හා නැවත නැවතත භාවිතා කිරීම එම මානව හිමිකම් විශේෂඥ‍යින්ගේ දැඩි විවේචනයට ලක්විය.


(මුලාශ්‍රය - mawbima.lk)


සබැඳි පුවත් :
ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥයෝ ලංකාණ්ඩුවේ 'වැඩ' හෙළා දකිති!


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්