* බලපත්‍ර 7125ක් අලුත් කිරීමත් මගහැරලා
වගා සහ දේපළ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කෙරුණු ගිනි අවි බලපත්‍ර 25064කින් 12971ක් පසුගිය කාලයේදී අස්ථානගතව ඇතැයි වාර්තාවේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් නිකුත් කෙරුණු කාර්තු වාර්තා සංසන්දනය කිරීමේදී 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට බලපත්‍ර අඩුව (වෙනස) පෙන්නුම් කෙරිණ.
විමර්ශන වාර්තාවල දැක්වෙන අන්දමට මෙම ගිනි අවි බලපත්‍ර 25064 නිකුත් කර ඇත්තේ 1995 සිට 2024 වර්ෂය දක්වා කාලයේදීය.
මේ අතර විවිධ පුද්ගලයන් වෙත නිකුත් කෙරුණු ගිනි අවි බලපත්‍ර වලින් 7125ක් 2024 දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් අලුත් කරගෙන නොතිබුණු බව සඳහන්වේ.
තුවක්කු ආඥා පනත අනුව තුවක්කුවක් ළඟ තබා ගන්නේ නම් හෝ පාවිච්චි කරන්නේ නම් අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතුවේ.
වගා සහ දේපළ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය කාලයේදී නිකුත් කෙරුණු ගිනි අවි අතරින් යම් ප්‍රමාණයක් පාතාලය හෝ වෙනත් සංවිධානාත්මක කල්ලි අතට පත්වූයේදැයි සොයා බලාගෙන යන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
( lankalokaya | අසේල පෙරේරා)
ගිනි අවි 'පර්මිට්' 13,000ක් අතුරුදන් !
T
The Leader Desk
February 16, 2026 • 5:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බලපත්‍ර 7125ක් අලුත් කිරීමත් මගහැරලා වගා සහ දේපළ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කෙරුණු ගිනි අවි බලපත්‍ර 25064කින් 12971ක් පසුගිය කාලයේදී අස්ථානගතව ඇතැයි වාර්තාවේ.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් නිකුත් කෙරුණු කාර්තු වාර්තා සංසන්දනය කිරීමේදී 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට බලපත්‍ර අඩුව (වෙනස) පෙන්නුම් කෙරිණ.
- විමර්ශන වාර්තාවල දැක්වෙන අන්දමට මෙම ගිනි අවි බලපත්‍ර 25064 නිකුත් කර ඇත්තේ 1995 සිට 2024 වර්ෂය දක්වා කාලයේදීය.
- මේ අතර විවිධ පුද්ගලයන් වෙත නිකුත් කෙරුණු ගිනි අවි බලපත්‍ර වලින් 7125ක් 2024 දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් අලුත් කරගෙන නොතිබුණු බව සඳහන්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



