1200 x 80 DMirror

ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ජනමාධ්‍යවේදීන් සමඟ සමීපව

කටයුතු කළ යුතු බවත්, ඒ තුළින් රට අපකීර්තියට පත්වන පුවත් ජාත්‍යන්තරයට යෑම වළක්වාගත හැකි බවත් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මාධ්‍යවේදීන් සමඟ සමීපව ක්‍රියා කිරීමෙන් රටේ කීර්තිනාමයට හානිකර ඇතැම් පුවත් පළ වීම වළක්වාගත හැකි බවත්, එවැනි දේ තමන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

විශේෂයෙන් හමුදාව සහ පොලීසිය මාධ්‍යවේදීන්ගේ විශ්වාසය දිනාගත් යුතු බවත් ඔහු පවසයි.

ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  (අගෝස්තු 19) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කළේය.


''නීතිඥවරුන් නිසා පොලීසිය අධෛර්යට පත්වුණා''

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතීඥයින් හැසුරුණු ආකාරය සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න අදහස් පළ කළේය.
 
එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ නීතීඥවරුන්ගේ හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් අධෛර්යයට පත්වූ බවයි.


 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

  

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය