ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලීසියේ රඳවා ප්‍රශ්න කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ

කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා අද (21) පෙරවරු 8ට පොලීසියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

පෑලියගොඩ පොලීසිය සඳහන් කළේ, ඔහු රැගෙන ගිය ස්ථානය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 16දෙනා අතර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය සඳහා පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

ඒ අප්‍රේල් 09 වැනිදා අරගලයට අදාළව සිදුවූ සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තිය සමිති හා බහුජන සංවිධානය කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කර සිටියේ, ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා අරගලයට සම්බන්ධ පිරිස් මර්දනයට කටයුතු කරමින් සිටින බවය.

 

එහිදි අදහස් දැක්වු අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත පූජ්‍ය උදේනිගම ගුණරතන හිමි මෙසේ පැවසුහ.

“වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝ අශාන් ජීවන්ත කියන සහෝදරයින් තුන්දෙනා රඳවා ගැනීමේ කාලය අද හවස් වෙනකොට අවසන් වෙනවා. අපි දන්වා අධිකරණයට ඒ සහෝදරවරු ඉදිරිපත් කරාට පස්සේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නේ නෑ. ඒ නිසා අධිකරණය මඟ හැරලා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ සහෝදරවරු දින 90ක් ඒ රඳවා තබා ගැනීමට අදාළ වු රැඳවුම් නියෝගයට අත්සන් කිරීමට මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ සූදානමින් ඉන්නවා.”


මුදලිගේ කොටු කිරීමේ උත්සාහයක් !


PHOTO 2022 08 21 17 01 07

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, රැඳවුම් නියෝග මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක සිර කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ජාත්‍යන්තරයේද අප්‍රසාදයට ලක්වන එවැනි දේ සිදු නොකරන ලෙසත් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා නිදහස් කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

අගෝස්තු 18 වැනිදා කොළඹ පැවති විරෝධතාවයට සහභාගී වූ සරසවි සිසුන් සහ ක්‍රියාකාරීන් අතරින් 16 දෙනෙකු මේ වන විට ඇප මත නිදහස් කොට තිබේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්