ඇමරිකානු ඩොලර් ලබා දෙන බව පවසා රුපියල් කෝටි පහ හමාරක මුදලක් වංචා කළැයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක් වන 'එන්ට්‍රස්ට්' සමාගමේ අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂවරියක ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ධර්මප්‍රිය බණ්ඩාර දසනායක සහ අනුෂ්කි සමාධි ප්‍රදිනාන්දු නැමැත්තන්ය.

කොළඹ තරුපහේ හෝටලයක රැදී සිටියදි මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම සැකකරුවන් ඇමරිකානු ඩොලර් ලබාදෙන බව පවසමින් අගරු චෙක් පත් දෙකක් ලබාදී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

bribary
cheq

මොවුන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබුණේ මීට වසර පහකට පෙර වන අතර, එවක දී එම පැමිණිල්ල ගොනු කිරීමට කටයුතු කර තිබුණේ, චමත්කා හෝල්ඩින්ග්ස්හි අධ්‍යක්ෂවරයෙක් වන ගාර්ෂියා පුංචිහේවා විසිනි.


මේ අතර මෙම සැකකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී, සැකකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට තර්ජනය කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ නමුත්, සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා වන සැකකරු දරුණු පිළිකා රෝගියෙකු බවත්, ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබන බවයි.

මෙම සිද්ධියේ සැකකාරිය මොළයේ ශල්‍යකර්මයක් සිදු කළ අයෙක් වන අතර, මෙම මුදලින් කොටසක් ගෙවීම සඳහා එකඟතාව පළ කර තිබෙන බවත්, එබැවින් සැකකරුවන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 'එන්ට්‍රස්ට්' සමාගමට ද මිට ඉහතදී බරපතල චෝදනා එල්ලවී තිබිණ. රටේ විශාලම මුල්‍ය වංචාව සිදු කළේ 2014 දී එවකට ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස සිටි එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගම බවට පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රකාශ වී තිබේ. 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්