1200 x 80 DMirror

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්

සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම සැකකරුවන් ඉකුත් 22 -23 යන දිනයන් හි කොලොන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය මුලස්ථානය කියයි.

ගාලුමුවදොර අරගල භුමියේ විරෝධතාකරුවන්ට ඉකුත් මැයි මස 09 දින මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයින් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයට එරෙහිව  රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු අතර, එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර, එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය