මසකට රුපියල් මිලියන දහයක් පමණ රජයට අහිමි කරමින්, වැලි ප්‍රවාහන සහ වැලි කැනීම් ව්‍යාජ බලපත්‍ර නිකුත් කළ නීතිවිරෝධී ආයතනයක් වැටලීමට හැකි වූ බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් පවසයි.

ඔහු එබව සඳහන් කලේ පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ග්‍රාමයේ පවත්වාගෙනගිය ව්‍යාජ බලපත්‍ර නිකුත් කළ මෙම ආයතනය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය 24දා වටලනු ලැබීය.  

ටිපර් රථ දෙකක්, ලොරි රථ දෙකක් සහ පුද්ගලයින් කිහිපදෙනෙකු වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නීති විරෝධී ආයතනය මඟින් දිනකට ව්‍යාජ බලපත්‍ර 500ක් පමණ නිකුත් කර තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය මගින් රුපියල් 2000/- ක අයකිරීමක් යටතේ නිකුත් කරන බලපත්‍රයක් මෙම ආයතනය 6000/- ක මුදලකට නිකුත් කර ඇති බව ද මෙහිදී අනාවරණ වී ඇත.

මෙයට අමතරව වැලි කැණීම් සහ වැලි ප්‍රවාහන කාර්යයන් සඳහා අදාළ වන වෙනත් රාජ්‍ය ආයතන වලට අයත් ව්‍යාජ ලෙස සැකසූ නිල මුද්‍රා සහ ලිපි ලේඛන මෙම ආයතනයේ තිබී හමුවී තිබේ.

මෙම ආයතනය වසර පහක පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පරිසර අමාත්‍යවරයා පැවසුවේය.  

අඛණ්ඩව වැටලීම් සිදු කරමින් මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන බව ද පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් අවධාරණය කළේය.

පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සෙනරත් හේවගේ ද සහභාගී විය.

 

Parisara 2022.08.27


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්