2021 අයවැයේ පොරොන්දු 31කම ප්‍රගතිය 6% ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.


රාජ්‍ය අරමුදල් කළමනාකරණයේ දුර්වලත්වය ශ්‍රී ලාංකීය ආර්ථික අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වූ බව අවිවාදිත ය. රජයේ වාර්ෂික අයවැය ක්‍රියාත්මක කිරීමේ ඇති අඩු දෘශ්‍යතාව මෙම දුර්වල කළමනාකාරණයට හේතුවක් වී ඇත.  

දෘශ්‍යතාවය මඳ වීම රජයේ අයවැය කෙරෙහි වන මහජන විශ්වාසය පළුදු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පසුගිය වසර තුළ තම ආයතනය විසින් සිදු කළ අධ්‍යයන දෙකක් මගින් අවධාරණය වූයේ යයි 'වෙරිටේ රිසර්ච්' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


එම අධ්‍යයනයෙන් පහත කරුණු අනාවරණය වී ඇතැයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.


1. ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව අයවැය විනිවිදභාවය අතින් පහළ මට්ටමක සිටී.


2021 විවෘත අයවැය සමීක්ෂණය (OBS) අනුව ගෝලීය වශයෙන් අයවැය විනිවිදභාවය සම්බන්ධයෙන් ලංකාව සිටිනුයේ 93 වන ස්ථානයේ ය.  මේ සඳහා රටට ලැබුණේ 30/100 ලකුණු ප්‍රමාණයක් වන අතර එය 2019 පැවති 47/100 ට වඩා සැලකිය යුතු පහළ වැටීමකි.

PB S 01

2. රුපියල් බිලියන 81.5 ක අගයකින් යුතු අයවැය යෝජනාවල ප්‍රගතිය තවමත් රහසක්ව පවතී.


'වෙරිටේ රිසර්ච්' හි අයවැය පොරොන්දු පුවරුව සෑම වසරකම ශ්‍රී ලංකාවේ ජාතික අයවැයේ ප්‍රගතිය සහ විනිවිද පෙනෙන සුළු භාවය නිරික්සුම් කරයි.

2021 අයවැය තුළින් හඳුනාගත් යෝජනා අතුරින්, රු. බිලියන 81.5 ක අගයකින් යුත් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඇගයීම පිණිස කිසිදු තොරතුරක් ලද නොහැකි විය.

ගිණුම්ගත නොකළ අරමුදල් විශාල ප්‍රමාණයක්, ආරක්ෂක අමාත්‍යාංශය (ජාතික ආරක්ෂාව), මහා මාර්ග අමාත්‍යාංශය ( කිමී 100,000 වැඩසටහන/ ග්‍රාමීය පාලම් සංවර්ධනය) සහ තාක්ෂණ අමාත්‍යාංශය (තාක්ෂණික වැඩි දියුණු කිරීම්) හා සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කර තිබිණි.

PB S 03

3. 2021 අයවැය පොරොන්දුවලින් ඉටු කරන ලද්දේ 6% ක් පමණි


2021 අයවැය පොරොන්දුවලින් ඉටු කරන ලද ලෙස වර්ගිකරණය කළ හැකි වූයේ 6% ක් පමණි. එනම්, 2021 වසර සඳහා සැලසුම් කළ ව්‍යාපෘතිවලින් රජය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ 6% ක් පමණි.

එහිදී සෞඛ්‍ය සේවා, ජල සැපයුම සහ ළමා අධ්‍යාපනය සඳහා වෙන් වූ ප්‍රතිපාදන ආශ්‍රිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නොසලකා හැර තිබේ.


විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා වූ නිර්දේශයන්:


වෙරිටේ රිසර්ච්, එමගින් සිදු කළ පර්යේෂණ මත පදනම් වෙමින් වත්මන් රජයට මෙන්ම අනාගත රජයන්ට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කරගැනීම සහ අහිමි වූ විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා පහත නිර්දේශයන් ඉදිරිපත් කර සිටී,


# යථාර්ථවාදී පොරොන්දු/ ප්‍රතිපත්ති ලබා දීම.

ඇගයීම සහ තේරීම් නිර්ණායක පිළිබඳ උපකාරක ලේඛන මගින් සවිමත් වූ මනාව සකස් කළ ප්‍රතිපත්ති සැකසීම.

# මහජනතාවගේ බදු මුදල් උපයෝජනය කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරිම සඳහා ක්‍රමවේදයක් සහතික කිරීම.

කාලීන, පරිශීලක හිතෛශී සහ ස්ථායී ආකාරයට අමාත්‍යාංශ වෙබ් අඩවි හරහා තොරතුරු ලබා දීම.

# අනවශ්‍ය නිල තන්ත්‍ර සීමා කිරීම

අමාත්‍යාංශ විෂය පථයන් ඛණ්ඩනය කිරීම සීමා කිරීම සහ අරමුදල් බෙදාහැරීමේදී වගවීම සහතික කිරීම.


# ශක්තිමත් සංවරණ හා සංතුලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම්.

දැනටමත් ක්‍රියාත්මක වන අධීක්‍ෂණය සඳහා වන විධිමත් යාන්ත්‍රණයන්ට තම කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට ඉඩ සැලසීම. මෙයට පාර්ලිමේන්තු කමිටු සහ ජාතික විගණන කාර්යාලය ඇතුළත් වේ.


සබැඳි පුවත් :
රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි - වෙරිටේ රිසර්ච්


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්