සජිත් ප්‍රේමදාසලා ගෝඨාභයලා ජාතික ආරක්ෂාව ගැන කියන කතා වලින් පමණක් ජනතාව තීරණ ගත යුතු නැති බවද ගෝඨාභය රාජපක්ෂ තමන් බලයේ සිටි කාලයේ

ලලිත්-කුහන් අතුරුදන් කිරීම සම්බන්ධ අධිකරණය හමුවේ මගහැර ගිය බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මේ බව පැවසුවේ ඊයේ(28) පිළියන්දල පැවති ජනරැලිය අමතමිනි.

එම රැලියේදී ඔහු පළ කළ අදහස් කෙටියෙන් මෙසේය.

“අපි ඔබ අමතන මේ වෙලාවෙ ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂයි යාපනයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතනවා. අපට ප්‍රශ්නය ඒක නෙවෙයි, සැප්තැම්බර් 27 වැනිදා ගෝඨාභයට යාපනය උසාවියට එන්න කිව්වම ආවෙ නෑ.

අපේ පක්ෂයේ ලලිත් සහෝදරයයි, කුහන් සහෝදරයයි 2012 දෙසැම්බර් මාසෙ 9 වැනිදා පැහැරගෙන ගියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස වගකීම දරද්දි. මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති විදියට හමුදාව පොලිසිය පාලනය කරද්දි. ඒ නිසා අපි කියනවා ගෝඨාභයලා මේ අතුරුදන්වීමට වගකිවයුත් කෙනෙක්. යාපනය අධිකරණය ඔහුට එන්න කිව්වෙ සාක්ෂි දෙන්න.

සැප්තැම්බර් 27 උසාවි යන්න තියෙන නිසා ගෝඨාභය 24 වෙනිදා අභියාචනාධිකරණයට ගිහින් කිව්වා මට ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා යාපනය උසාවියේ කැවීමට වාරණයක් දෙන්න කියලා. ඒ වාරණය අරගෙන ගෝඨාභය උසාවිය මග ඇරියෙ ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා අපි කිව්වා.

අද යාපනේ ගිහින් ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම අමතන්න ගෝඨාභයට පුළුවන් වුණාට ගෝඨාභයට උසාවියට ගිහින් ලලිත් සහ කුහන් අතුරුදන්වීම ගැන කියන්න බෑ. මොකද ගෝඨාභය ජාතික ආරක්ෂාවයි විනයයි ගැන මොනවා කිව්වත් එයාගෙ හෘදසාක්ෂිය දන්නවා එයාගෙ කාලෙ කොහොමද ලලිත්ලා කුහන්ලා අතුරුදන් වුණේ කියලා.tets 55

අද මොනවා කිව්වත් එයා දන්නවා මාධ්‍යවේදීන් අතුරුදන් කළ හැටි, ඝාතනය කළ හැටි. ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ අයියය් අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මල්ලියි මේ රටේ අතුරුදන්වීම්වලට විරුද්ධ මතධාරින්ට කළ හිරිහැර, පහරදීම් සහ ඝාතනවලට වගකිව යුතුයි. ඒක අපි එදත් කිව්වා, අදත් කියනවා.

ලලිත් සහ කුහන් සහෝදරවරු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපි පැවරූ නඩුව විභාගයට ගන්නකොට කෙහෙළිය කිව්වා ඒ අය අත්අඩංගුවෙ හිටියා කියලා මට කිව්වා ඒ ගැන ආරක්ෂක කවුන්සිලය දැනගෙන හිටියා කියලා.

ඒ නිසා ගෝඨාභයට උසාවියට ඇවිත් සාක්ෂි දෙන්න කිව්වම ගෝඨාභය මුලිම අවස්ථාවෙ පුද්ගලික හේතුවක් කියලා ආවෙ නෑ. දෙවැනි වතාවෙ  අසනීපයි කියලා ආවෙ නෑ. තුන්වැනි වතාවෙ යන්න හෙට අනිද්දා කියලා අභියාචනාධිකරණයට ගිහින් කිව්වෙ අනේ මට ආරක්ෂාව ප්‍රශ්නයක්. යාපනේ උසාවියට නම් යන්න බෑ කියලා.

එයාගෙ කාලෙ ජාතික ආරක්ෂාව කියලා විරුද්ධවාදින් පැහැරගෙන ගිය එක, අතුරුදන් කරපු එක ගැන සාක්ෂි දෙන්න එයාට ධෛර්යයක් නෑ පිටකොන්දක් නෑ, කෙළින් ඉඳලා කතා කරන්න බෑ. ඒ නිසා එයා උසාවිය මගහැර යනවා.

නමුත් අද මේ වෙලාවෙ එයා යාපනේ ගිහින් රටේ ජාතික ආරක්ෂාව සහ විනය තහවුරුකරන එක ගැන ලස්සනට කතා කරනවා ඇති. මෙන්න මේ අයගෙ දෙබිඩි ස්වභාවය. අධිකරණයට ඇවිත් තමන් බලයේ හිටිය කාලෙ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නවලට වගකියන්න, උත්තර බඳින්න කොන්ද පණ නෑ, නමුත් දේශණා කරන්න පුළුවන්.

 ''88-89 කාලෙ දහස් ගණනක් ඝාතනය කිරීමට ප්‍රේමදාස වගකිව යුතුයි.''

 අපි දන්නවා සජිත් ප්‍රේමදාස එයාගෙ තාත්ත ගැන කියද්දි 88-89 කාලෙ අපේ සහෝදරවරු දහස් ගණනක් ඝාතනය කිරීමට එයා වගකිව යුතුයි. තාත්තා කරපු දේ කරන්න යනවා නම් ඒ ගැන අපි ජනතාව හැටියට විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි.

අපි කියනවා මේ අය ජනාධිපතිවරණ වේදිකාවල කියන කතාවලින් මේ දේශපාලන තීරණ ගන්න බෑ. ඔවුන් මර්දනකාරී පියවර ගන්නෙ විරුද්ධවාදින් මරාදමන්න, අතුරුදන් කරන්න සූදානම් වෙන්නෙ මේ පවතින ධනපති පාලනය යටතේ විසඳුම් දෙන්න බැරි වෙලාවට ජනතාව තමන්ට එරෙහිව නැගී සිටින එක වළක්වන්න. ජේ ආර්ගෙ ඉඳලා පාලකයන් මර්දන නීති අලුත් කරලා මේ රටේ දහස් ගණනක් සටන්කාමින් ඝාතනය කළා.

දැන් රනිල්ලා සජිත්ලා ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් තව වටයකින් මර්දන යන්ත්‍රය ශක්තිමත් කරන්න හදනවා. ගෝඨාභයලා මහින්දලා ජාතික ආරක්ෂාව සහ විනය හදනවා කියනකොට අපි කල්පනා කළ යුතු ඒ අය බලයෙ ඉන්නකොට ඒක කරපු බිහිසුණු ආකාරය මතක් වෙන නිසා.

ජනතාව රවටන්න, බලය ගන්න ජනතාව හමුවේ ඕනෑ දෙයක් කියන්න මේ මහත්තුරුන්ට ලැජ්ජාවක් බයක් නෑ. අපි ඒ නිසා කියනවා මේ ධනපති පාලක පන්තියේ මහත්තුරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන කතා, ජාතික ආරක්ෂාව ගැන, විනය ගැන කියන කතා ඒ විදියට භාර ගන්න අපි සූදානම් නෑ. ඒවා ජනතාවගේ අත්දැකීම්, අපි දැකපු බිහිසුණු අත්දැකීම් එක්ක කතා කරන්න ඕනෑ, මේ අයගේ බොරු ඇන්දිලිවලට ජනතාවගේ ඡන්ද කොල්ල කන්න ඉඩ දිය යුතු නෑ.“

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්