1200 x 80 DMirror

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා

ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ඔහු එබව කියා සිටියේ, "ටීවි දෙරණ" ඔස්සේ ඊයේ (29) රාත්‍රී විකාශය වූ 360 කාලීන සජීවී වැඩසටහන සමග එක්වෙමිනි.


ප්‍රශ්නය -  
ඔබතුමාගේ අමාත්‍ය ධූරයේ ආයුෂ දවස් 16යි.


ධම්මික :
"හැබැයි ඒ 16න් වැඩ කරන්න තිබුණේ දවස් 10යි."


ප්‍රශ්නය -  
දවස් 10ක අමාත්‍යවරයෙකුගෙන් මට අහන්න පුළුවන් ද අභියෝග ගැන ? මාස දෙකකට දීපු පොරොන්දු ගැන...


ධම්මික :
"මම ඔබතුමාට ඒ පොරොන්දුව දුන්න හින්දා ඇත්තටම මම ඒක ඇග්‍රසිව් වෙලා, ඒ දවස් 10 දී අර කියපු මාස දෙකේ කරන වැඩ ටික ඉවරයි."


ප්‍රශ්නය -  
360 දී දීපු පොරොන්දුව නිසා දවස් 10කින් ඒ වැඩ ටික කරා...


ධම්මික :
"ඔව් මම සාමාන්‍යයෙන් කොහේට ගියත්, පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙමෙයි නේ. ඒ කියන්නේ අපි නායකයෝ නම් අපිට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනේ විෂන් එක මෙන්න මේ විදියට තමා වැඩකරන්නේ කියලා. අපිට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ. ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනේ. දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්නවා. නැතුව මට නිකන් ඇමති ධූරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ."


ප්‍රශ්නය -  
ජනාධිපතිවරයා ගැන වරක් ප්‍රකාශයක් කරනවා.


ධම්මික :
"රනිල් වික්‍රමසිංහ ඩොලර් ගේන්න වැඩකරන්නේ නෑ. ඒ ස්ටේට්මන්ට් එකේ බලන්න ටෙක්නිකල් කියලා පේන්නේ පුද්ගලික තරහක් නෑ කියන එකනේ. මෙහෙමයි ලොකු අය කොහොමත් පුද්ගලිකව තරහා වෙන්නේ නෑ. ඔය ඔක්කෝම යාළුවෝ ඉන්නේ. පොඩි අය තමා එක එක්කෙනා තරහා වෙන්නේ."

 

ප්‍රශ්නය -  
අර ප්‍රකට කියමනක් තියෙන්නේ, උන් ඔක්කෝම යාළුවෝ මල්ලි කියලා.. එහෙම එකක් ද?

ධම්මික :
"ඔව්...ඔව්... 100%නේ. "

 

ප්‍රශ්නය -
මේ සති පහ ඇතුළුත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක ද? අසාර්ථක ද?


ධම්මික :
"සර්ව පාක්ෂික ආණ්ඩුවකට නේ මේ යන්න හදන්නේ. එතැනින් පස්සේ තමා ඒක කියන්න වෙන්නේ. ඔයා කියන්නේ සති පහක් ගියා මුකුත් කරේ නෑ කියලානේ."


ප්‍රශ්නය -
ඔබතුමාගේ වැඩ බලන්න දවස් 10ක් ඇති. ඉතින් ජනාධිපතිතුමාගේ වැඩ බලන්නත් සති පහක් මදිද ?


ධම්මික :
"සර්ව පාක්ෂික ආණ්ඩුවක් එන්නේ නැත්නම් ආණ්ඩුවේ ඒවත් එක්ක ඊළඟට එයි නේ. ආවට පස්සේ තමා ඔයා කියන මීටරේ කැරකෙන්න ගන්නේ.  එතකල් මට මුකුත් කියන්න බෑනේ. මහජනයත් කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලානේ. ඒක නිසා ෆුල් ට්‍රයි එකක් දුන්නා එතැනට. එතුමා කරපු හොඳ දෙයක් කියන්නම් කෝ. දැන් අරගලය කියන එක මර්දනය කරානේ. පොලීසියත් එක්ක මිනිස්සු ගිහින් ගැටිලා පොලීසියට ගහන ලෙවල් එකකට ආවහම. විනීතව හැසිරෙන්නේ නැත්නම් අරගලය කියන එක පැත්තකින් කියන්න. රටේ තිබුණ නේෂන් බ්‍රෑන්ඩ් එක ඉවරයි නේ."


(adaderana.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය