වැලිගම නගර ශාලාවේ පැවති  මංගල්‍යය උත්සවයකට ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු අල්ලා නගර සභාව

ඉදිරිපිට දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

නගර ශාලාව ආසන්නයේ පිහිටි පාසලක අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇත. වාර්තාවන අන්දමට එම දරුවන් එම උත්සවයෙන් පසු ආහාර ගැනීමට ගොස් ඇත්තේ කොකියාගේ ආරාධනයක් මතය.

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පැමිණි වැලිගම පොලීසියේ නිලධාරීන් එම දරුවන් පොලිසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ කීය.

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති ගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිසට ප්‍රණීත දිවා ආහාර වේලක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම කටයුතු කර තිබිණ.


සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ


මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකිකකයන් මිලියන 6.3 ක ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 21.35 ක්  බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් තවමත් ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින බවත් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මාසයේ සියයට 60.8 ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64.3 දක්වා ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බව ලෝක ආහාර වැඩසටහන  වාර්තාව මගින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය දේශීය වෙළඳපොලේ සැපයුම් දාමයට බාධා එල්ල කර ඇති අතර වෙළඳපොලේ දේශීය භාණ්ඩවල මිලට ඒ හේතුවෙන් පීඩනයක් එල්ල වී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.


(lankadeepa.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්