1200 x 80 DMirror

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයවීම් යළි මෙරට සිදු නොවීමට වගවීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ එබව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීරණ විය යුතු බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.


කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා සිට ඇත.


මිලිටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින්, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාකරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරීමට කටයුතු කරමින් නව කැපවීමක් පෙන්නුම් කරන ලෙස එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

දැඩි ලෙස මිලිටරිකරණය වූ පරිසරයක් තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ශ්‍රී ලංකා රජය ගැන සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

මානව හිමිකම් වාර්තාව මෙතනින් බලන්න

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය