හොරු සහ මැරයන් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ජනතාවට චෝදනා එල්ලකළ නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.



මාධ්‍ය ඉදිරියේ පෞද්ගලික අත්දැකීමක් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

''ලංකාවේ ආසන සංවිධායකවරු හොයන ක්‍රමය කියන්න ද මම. මම හිටපු නාමයෝජනා මණ්ඩලයක වුණු දෙයක්.

'' 'සර්..කාවද තෝරන්නේ.. එයාට දාන්නේ. එතන ඉන්නේ හෙන මැරයෙක්. නම කියන්න බැහැ මට. එයා ඝාතන දෙකක් කරලා තියෙනවා. අලුත් එකෙක් දාන්න ඕනේ සර්.. මිනි 3ක් මරපු එකක්. ඌ එක්ක හැප්පෙන්න ලෝයර් කෙනෙක්ට බැහැ.' අරයා එක්ක හැප්පෙන්න දාන්නේ ඊට වඩා මිනිමරුවෙක්.''

''අන්තිමට බලද්දි මැරයෝ, කුඩ්ඩෝ.. පාතාලයෝ සෙට් එකක් තමයි 225ට ඇවිල්ලා ඉන්නේ. මිනිස්සුන්ට දොසක් කියන්න බැහැ. පක්ෂයෙන් නාමයෝජනා දීලා තියෙන්නේ අරුන්ට.''

''අපේ හොරා අපිට හොඳයි කියලා අපි වෙනුවෙන් හොරකම් කරන්න හොරෙක් එවනවා.''

''දැන් ගෙවල්වලට වන්දි ගන්න ගෙවල් එකක් තියෙන කෙනා දෙකක් දාලා. රත්‍රං පවුම් 10ක් තිබ්බා නම් දැන් 20ක් නැතිවුණා කියලා දාලා. මේවත් ගෙවන්නේ අපේ පාන්වලින්. අරගලය කරපු රැකියා විරහිත තරුණයින්ට ගහලා හිරේ දැම්මා.''

(adaderana.lk)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්