අලුත් සංවර්ධන මොඩලයක් රටට අවශ්‍ය බව, එහෙමත් නැත්නම් අඩුම ගානේ වෙනස් විදියකට සංවර්ධනය ගැන සිතිය යුතු බවවත්, ලංකාවේ හැම අස්සක

මුල්ලකම ඉන්න ඕනෑම කෙනෙකුට තේරෙන සත්‍යයක්.

නමුත් මේ බොහොමයක් අය සංවර්ධනය විදියට දකින්නේ තම නැණ පමණට අහුවෙන පොඩි පොඩි කොටස්. අන්ධයෝ හත් දෙනා අලියා විස්තර කලා වගේ එක්කනෙක් යටිතල පහසුකම් වැඩිවීම සංවර්ධනය විදියට දකිනවා.

තවත් අය සුභසාධනය වැඩිවීමට සංවර්ධනය කියනවා. සමහරු තමුන්ගේ පෞද්ගලික ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙස හදුන්වනවා. දැන් දැන් එක පිරිසක් කියන්නේ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණයෙනුත් රටේ සංවර්ධනය මැනගත හැකි බවයි.

නමුත් එක දෙයක් නම් සක් සුදක් සේ පැහැදිලිය. දේශපාලන ස්ථාවරත්වයක් නැතිව සංවර්ධනයක් නැත. නීතියේ ආධිපත්‍යය නැතිව සංවර්ධනයක් නැත. දීර්ඝකාලීන ආර්ථික මොඩලයක් නැතිව සංවර්ධනයක් නැත. කාර්‍යක්ෂම රාජ්‍ය පාලනයක් හා කළමනාකරණයක් නැතිව සංවර්ධනයක් නැත. අසීමිත සුභසාධනයේ සංවර්ධනයක් නැත. තෙල් පොල් ගෑස් වල සිට සබන් කැටේ දක්වා ආණ්ඩුව හදන විකුණන රටක සංවර්ධනයක් නැත.

එවැනි රාජ්‍යක් අසමත් වීම ගැන අවුරුදු 70 ක් දිග Case Study එකක් දැන් ලංකාවෙ අපිට ඇත.

 

මගේ හැගීමනම් නිදිමරාගෙන කල්පනා කරකර අලුතින් හොයන්නට දෙයක් නැත. වැරදුන තැන් කොහොමත් දන්න නිසා දැන් අපිට බලන්නට තිබෙන්නේ හරිගිය තැන් මොනාද කියා පමණි.

 

මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව අපි පසුකර ගියේ කෙසේද? වියට්නාමය හා බංගලාදේශය අපි පසුකරමින් සිටින්නේ කෙසේද? බිලියනයක් මිනිස්සු ඉන්න ඉන්දියාව හා චීනය දරිද්‍රතාවයෙන් එලියට ඇවිත් ලෝකයේ බලවත්ම රාජ්‍යයන් හතර පහ ඇතුලට ආවේ කොහොමද? 


විශේෂයෙන්ම අපි කාලාන්තරයක් තිස්සේ දේශපාලන මතවාදයක් දැරීම ගැන අවලාද නගපු, පරිභව කරපු බොහෝ මිත්‍රයන් දැන් දැන් දේශපාලනය ගැන කියවන්නේ, කතාබහ කරන්නේ, අපිටත් දේශපාලන පාඩම් කියාදෙන්නේ දේශපාලන භාවිතය යනු රටක සංවර්ධනයේ පදනම බව ටික ටික තේරුම්‍ යමින් තිබෙන නිසාය.

ලංකාව සිංගප්පූරුවක් කලහැකි යැයි කියන මතවාදය මිත්‍යාදෘෂ්ටියක් බව මගේ අධ්‍යනයයි.

ලංකාවට සමාන සමාජ, දේශපාලන, ආර්ථික අභියෝග තිබුණ, ඒවා සාර්ථකව ජයගත් රටවල් ගැන සොයන විට අපිට ලගින්ම අධ්‍යනය කලහැකි තැනක් ලෙස හමුවෙන්නේ දකුණු කොරියාවයි.

gangnam seoul

ඉස්සර අපි කොරියාවකීවේ මුඩුක්කුවලට මුත් අද දකුණු කොරියාවට යන්න පෝලිමේ ඉන්න සිදුවී ඇත්තේ මේ විපර්‍යාසය නිසාය.

SAMSUN දුරකතනයේ සිට HYUNDAI කාර් හරහා K-POP දක්වා කොරියාව සංවර්ධනයේ නව මානයන් සොයාගොස් ඇත. ලංකාව කොරියාවක් කලයුතු නැත. හැබැයි ලෝකෙන් උතුම් රට ලංකාවයි මානසිකත්වය පොඩ්ඩක් පසෙකින් තබා මේ රටවල් ගැන කියවා බැලීම වටී.

මා මිත්‍ර චානුක වත්තේගම සහ මම උත්සාහ කරමින් සිටින්නේ ඒ සංවාදය ගොඩ නැගීමටයි.


30 වෙනි සිකුරාදා හවස 2 ට @ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේදී
 
 
අපේ අලුත් පොත, මගේ තුන්වන පොත, සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම එලිදැක්වීම මේ මාසෙ 30 වෙනි සිකුරාදා හවස 2 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේදී එන්න කැමති, පුලුවන් ඔබ හැමෝගෙම සහභාගිත්වයෙන් පවත්වනවා.
 
 
දේශපාලන මතවාද වෙනුවෙන් මාත් එක්ක එකගවෙන, රණ්ඩුවෙන ඒත් මේ වගේ සංවාදවලට රුචි ඔබ හැමෝම වෙලාවයි දවසයි වෙන්කරගනී කියල මම බලාපොරොත්තු වෙනවා. ''



නූතන (දේශපාලනික) ආදර කතාවක් අවශ්‍යව ඇත - (මිලින්ද රාජපක්ෂ )(මිලින්ද රාජපක්ෂ)
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්