රාජපක්ෂවරුන් දේශපාලනය කළේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය යන මුලික කාරණා තුන පදනම් කරගනිමින්   බව රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබල අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ සජින්වාස් ගුණවර්ධන පවසයි.

''අපි ගත්තොත් බොදුබලසේනා කවුද පටන් ගත්තේ? කවුද සල්ලි දුන්නේ, කවුද උදව් කරේ?  එතකොට ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය මේ තුනම ඒකරාශී කරගෙන තමයි අපි දේශපාලනය කරේ. ඉතින් ඒ නිසා තමයි ඒකේ ඵලවිපාකය අපි 2015 භුක්ති වින්දේ. එදා ඉඳන් ඒ ප්‍රතිපත්තිය ඒගොල්ලො අද වෙනකන් වෙනස් කරගෙන නැහැ..'' යයි ඔහු කියා සිටියේ, UTV  රුපවාහිනිය සමග පැවති සංවාදයකදීය.

සංවාදයේ කොටසක් පහත පළකර ඇත.

UTV :

අපි දන්නවා ඔබ රාජපක්ෂ රෙජිමයේ හිටපු ප්‍රබල මන්ත්‍රිවරයෙක්. එකල මාධ්‍ය වාර්තා කරපු ආකාරයෙන් නම් ඔබ, මහා පරිමාන ඩීල් ගනුදෙනු සහ විදේශීය ආයෝජන සම්බන්ධයෙන් තින්දු තීරණ ගන්න ප්‍රධාන වශයෙන් සෘජු ලෙස මැදිහත් වුණ මන්ත්‍රීවරයෙක්. ඉතින් එහෙම කෙනෙක්  ඇයි මේ එකපාරටම සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවුණේ.?

සජින්:

ඒ කාලේ පෙන්නුවේ මම තමයි ඉන්න ලොකුම හොරා හැටියටනේ.  එතුමාල මාව පෙන්නුවා මෙන්න මෙයා තමයි හොරා මෙයාව අල්ලගන්න කියලා. හැබැයි ඇත්ත කතාව මම ඔය එක ගනුදෙනුවකවත් ඉඳලා නැහැ, තමුන්නාන්සේ කියන විදිහට එක ඩීල් එකක්වත් කරලා නැහැ මට වැටිලා තියෙන නඩු දෙකක් තුනක් තියෙනවා. ඒකෙන් දැන් දෙකයි තියෙන්නේ. ඒ නඩුවලත් රජයේ කිසිම දෙයක් සම්බන්ධ නැහැ. 

රජයේ මුදල්, එහෙමත් නැත්නම් ඔය ඔබතුමා කියන ඩීල්, ඔබතුමා කියන ගනුදෙනු, ඔබතුමා කියන මිලමුදල්, ඔය කිසිම දේකට මට නඩුවක් වැටිලා නැහැ. මගේ ඉතිහාසය රාජපක්ෂලාත් එක්ක අවුරුදු පහළවක් දහහතක් යන කාල පරාසයක්. 

2010 වෙනකන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක හොඳට කරගෙන ආවා. කිසිම ගැටළුවක් තිබුණේ නැහැ. මම දකින වෙනස තමයි 2010 න් පස්සේ ඇති වුණේ. ඒ වෙනස තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ දේශපාලන ආගමනයත් එක්ක ආපු වෙනසක්.  namal t

එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕන වුණා ඉදිරි සැලැස්මක් ගහගන්න. කොහොමද මගෙන් පස්සේ ඉදිරියට යන්නේ කියන එකට. 
ඒ කාලේ අපි දේශපාලනය කරේ සාධක තුනක් පදනම් කරගෙන. ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය.  මේ  තුන පදනම් කරගෙන තමයි අපේ දේශපාලනය කරේ. ඉතින් ඔතන තමයි ඔය ගැටලුව තියෙන්නේ. 
අපි ගත්තොත් බොදුබලසේනා කවුද පටන් ගත්තේ, කවුද සල්ලි දුන්නේ, කවුද උදව් කරේ. එතකොට ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය මේ තුනම ඒකරාශී කරගෙන තමයි අපි දේශපාලනය කරේ. 
ඉතින් ඒ නිසා තමයි ඒකේ ඵලවිපාකය අපි 2015 භුක්ති වින්දේ. එදා ඉඳන් ඒ ප්‍රතිපත්තිය ඒගොල්ලො අද වෙනකන් වෙනස් කරගෙන නැහැ. 

පිළිගන්න පුළුවන් මුස්ලිම් ජාතිකයෙක් ඉන්නවාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිළිගන්න පුළුවන් එක මුස්ලිම් පුද්ගලයෙක් ඉන්නවාද? ප්‍රධාන පෙළේ එක මුස්ලිම් නායකයෙක් ඉන්නවාද  මට කියන්න. පොදුජන පෙරමුණේ නැහැ.   

එතකොට පොදුජන පෙරමුණ අද යන්නෙත් ජාතිවාදය, අන්තවාදය හා ආගම්වාදය උඩ.  මේ තුන පදනම් කරගෙන තමයි ඒ අය දේශපාලනය කරේ. එතකොට ඒ දේශපාලනය තුළ මේ රටේ තියෙන සමස්ථ ජන සංයුතියම ඒගොල්ලන් අමතක කරලා තියෙනවා. මේ ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය එක්ක ජන සංයුතිය අමතක කිරීමෙන් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන්ද?

 ''ගෝඨාබය ආවොත් මිල්ටරි පාලනයක් - මාව එල්ලුවත් මම බය නැහැ ''

UTV  :

රාජපක්ෂලා දිනුවොත් එහෙම මොකද වෙන්නේ?

සජින් :

මොනවා වෙන්නද රට විනාස වෙනවා. වෙන මුකුත් නැහැ. මේ රට සම්පූර්ණ මිලිටරි පාලනයකට එහා යන එකක් වෙනවා. මාව නම් එල්ලයි. මාව අනිවාර්යයෙන්ම එල්ලයි. තව ගොඩක් අය එල්ලයි. හැබැයි මාව ඉස්සෙල්ලාම එල්ලයි. මට ඒක ප්‍රශ්නයක් නැහැ.

පෞද්ගලිකව ගත්තම ඒවට බයේ නෙවෙයි මේ කර්තව්‍ය කරන්නේ. මොකද අපට හරි දේ කරන්න තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න අපට නිදහසක් තියෙන්න ඕනේ. ඒවට බය වෙලා අපිව මරයි, අපිව එල්ලයි කියන බයට අපි හැංගිලා ඉන්නේ නැහැ.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්