අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති  හිමිකම් "රනිල් රාජපක්ෂ "

ආණ්ඩුව ක්‍රමානුකුලව කප්පාදුකරමින් යන බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙකු චෝදනා කරයි.


සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලදී අධ්‍යාපනයෙන් ඇද හැලෙන දරුවන්ට නොමිලේ වෘත්තිය පුහුණු අධ්‍යාපනයට යොමු වීමට තිබු අවස්ථාව මේ වන විට අහිමි කර ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අනාවරණය කළේ, ජාතික ආධුනිකත්ව පුහුනු කාර්මික අධිකාරිය  ඇතුළු අනෙකුත් වෘත්තීය පුහුණු ආයතනවල මෙතෙක් කලක් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කොට සිසුන්ගෙන් මුදල් අයකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි.

"වර්තමාන රජය මොකද කරලා තියෙන්නේ අද ඒ පාඨමාලා වලටත් මුදල් අයකරන තීන්දුවක් අරන් තියෙන්නේ. "

මුදල් අයකරමින් එම පාඨමාලාවන් පැවැත්වීම සම්බන්ධයෙන් පුවත්පත් තුළ දැන්වීම් පල කර තිබෙන ආකාරයත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා‌ මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.



බොහෝ විට දරිද්‍රතාවයෙන් පෙළෙන සහ අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් වෘත්තීය පුහුණුව ලබාගැනීමට යොමුවන  බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ මේ අයුරින් මුදල් අය කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එම සිසුන්ද එවන් ආයතන වෙත යොමු වීමෙන් වළකින තත්ත්වයක් උද්ගත  වන බවයි.



"සාමානයයෙන් ගම් වල අපි දන්නවා අධ්‍යාපනය ඇද හැලුනු , විභාගය සමත් වෙන්න බැරි අයට වෙනත් මාධ්‍යකින් තමන්ට අධ්‍යාපනය ලබා ගන්න තියනවානම් ඒක මුදලට විකුනුවාම මේ ළමයි කොහාටද යන්නේ. එන්න බැරි අයට මොකද වෙන්නේ. " ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

මුල් කාලයේදී තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනම කැබිනට් අමාත්‍යංශයක් පැවැතුණු නමුත් පසුගිය ආණ්ඩු සමයේ එය රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස නම් කළ බව පෙන්වා දෙන ගුරු සංගම්නායකයා තව දුරටත් අවධාරණය කළේ, වර්තමාන ආණ්ඩුව විසින් තෘතීය පුහුණුව අධ්‍යාපන අමාත්‍යාංශයේම තවත් එක් අංශයක් පමණක් බවට පත් කොට ඇති බවයි.

අඩු ආදායම්ලාභී දරුවන්ට රටේ ඉහළට පැමිණිමට තිබු අවස්ථාව  මෙලෙස මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට සිදු වීම නිසා අහිමිව යන බව පෙන්වා දෙන ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා ප්‍රශ්න කරන්නේ  තෘතීය අධ්‍යාපනයේ කොටස් ලෙස සැලකෙන වෘත්තීය පුහුණුව මේ අයුරින් වළපල්ලට යැවීමෙන් වගකිව යුතු පාර්ශ්ව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.

" මේ ආණ්ඩුව මේ ලැස්ති වෙන්නේ වියදම කප්පාදු කරන්න.අධ්‍යාපනය කප්පාදු කරන්න. " පැවසු  ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයට  බලකර සිටියේ  පාඨමාලා සදහා මුදල් අය කරන තීන්දුව වහාම අහෝසි කරන ලෙසයි.

 

 
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්