දෙමළ ජාතික සංධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දීමට තිරණය කළ බව

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ප්‍රකාශය කරයි.

දෙමළ ජාතික සන්ධාන‍ය නියෝජනය කරන ප්‍රධානතම දේශපාලන පක්ෂය වන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද (03) වවුනියාව පෞද්ගලික හෝටලයකදී එම පක්ෂයේ  උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා එම පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

සාකච්ජාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා උතුරේ ජනතාවට සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, සජිත් ‍ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබිණ.

මාවේයි සේනාධිරාජා නායකත්වය දරණ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරණ ටෙ‍ලෝ සංවිධානය, ධර්මංලිංගම් සිද්ධාර්ථන්  නායකත්වය දරණ ප්ලොට් සංවිධානය හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළැඹ ඇත.

sumanthira 1

sambandan 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්