1200 x 80 DMirror

කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක්

අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර) සහ ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කර තිබේ.  

මෙම ගැසට් නිවේදනයත් සමඟ කොළඹ නගරයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කාලාපයක් බවට පත්කිරීමේ කැපී පෙනේ.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

 

 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය