ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (LDM) සහ සමපාත අදහස් දරන (line-minded) සංවිධාන කිහිපයක්

හමුවී පොදු එකඟතා රාමුවක් තුළ වැඩ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.


රාජගිරියේ පිහිටි 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය' ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවති  මුලික සාකච්ඡාව සාර්ථක බවත්, ඉදිරිය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිවු බවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු වන රසික ජයකොඩි පැවසිය.

සතියකට වරක් හමු වී මෙම සාකච්ඡා මාලාව ඉදිරියට ගෙනයාමට එහිදී තීරණය කර ඇත.


එම සාකච්ඡාවට සහභාගි වු පාර්ශ්ව මෙසේය.

? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය
? ජාතික හරිත පෙරමුණ
? Centenary ව්‍යාපාරය
? Plus One සංවිධානය


ඒ අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු රසික ජයකොඩි, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් නීතිඥ අමල් රන්දෙණිය, ප්‍රියන්ත ඒකනායක, රුසිරු එගොඩගේ, ජාතික හරිත පෙරමුණ වෙනුවෙන් එහි නායක පැතුම් කර්නර්, තාරුක රණවීර, සමිත් පතිරණ, සෙන්ටිනරි ව්‍යාපාරය වෙනුවෙන් රුවිඳු පෙරේරා, ප්ලස් වන් වෙනුවෙන් මනුර ඒකනායක සහ ඉවන්ත අබේදීර ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

xfgrty

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්