තම නිවාස ගිනිබත් වීම නිසා උන්හිටි තැන් අහිමිවූ වතු කම්කරුවන්

දෙසීයකට වැඩි පිරිසකට වසර තුනක් පුරා ප්‍රජා ශාලාවක දිවි ගෙවන්නට සිදුවී තිබේ.

තලවාකැලේ 'හෝලි රූඩ්' වත්තේ නැගෙනහිර කොටසේ කම්කරු පවුල් 24 ක් විසු `ලයින් කාමර` සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී ගොස් ඇත්තේ විදුලි කාන්දුවක් නිසාවෙනි.

ළමුන්, කාන්තාවන් හා පිරිමින් ඇතුළු මෙම පවුල් 24 ට අයත් 202 ක්  2019 වසරේ මැයි 29 වැනිදා සිට තවමත් දිවි ගෙවනුයේ කිසිදු පහසුකමක් නොමැති  ප්‍රදේශයේ පොදු සංස්කෘතික ශාලාවේයි.

වසර තුනක් පුරා මෙම විපතට පත් වතු කම්කරුවන්ට විකල්ප නිවාස ලබා දී නොමැති අතර 2021 වසරේදී මොවුන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයකට මුල්ගල් තබා වැඩ ඇරඹිය ද එය අතරමග නවතා දමා තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බලවත් ලෙස පිඩාවට පත්ව සිටින මෙම වතු කම්කරුවන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මුලික පහසුකම් සහිත සුදුසු වාසස්ථානයක් ලබා දෙන ලෙසයි.

 
  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්